පෙම් සිහිනේ සේයාවී
About this book
කෙල්ලෙක් දාගෙන දුක් විඳනවට වැඩිය ලෙඩක් තියෙනවා කියලා හිතාගෙන ජීවත්වෙන එක දාහකින් සම්පතක් අම්මා.. කාටද අප්පා කෙල්ලො දාගෙන හරි ගියේ...? අපේ සෙට් එකේ කොල්ලො කී දෙනෙක් කෙල්ලො හින්දා නැති වෙලා ගියාද? කෙල්ලෙක් දා ගත්තම නිදහසේ රස්තියාදු ගහන්න බෑ.. පිස්සුවක් කෙළින්න බෑ... අපෝ මතක් වෙනකොටත් නිකන් කැරකිල්ල වගේ... මේවට තමයි අම්මා කියන්නෙ මැරෙන්න කලින්ම ටිකට් එක දාගෙන අපායට යනවා කියලා.. සාස්තරේ හොඳටම දැන දැනත් කොහොමද අම්මා මොඩයෙක් වගේ අමාරුවෙ වැටෙන්නෙ...?
මං ඉතිං හරි වැරැද්ද විනිශ්චය නොකරම කෙල්ලො ගැන මං දරන මතය අවංකවම අම්මට කියලා දැම්මා... අම්මාට ටික වෙලාවක් මගේ මූණ දිහා බලාගෙන ඉඳලා උකුලෙ තියාගෙන හිටපු මගේ ඔළුව හිමීට පැත්තකට කරලා හොඳ හුස්මක් පිට කරන ගමන් නැගිට්ටා, මගේ ඇඳෙන්.
"අනේ මන්දා පොඩි සුදු... ඔයා කොහොම චරිතයක් ද කියලා වදාපු අම්ම වෙච්චි මටවත් තේරෙන්නෙ නෑ."
අම්මා එහෙම කියාගෙන කාමරයෙන් එළියට ගියා. අම්මට විතරක් නෙමෙයි අම්මේ.. වෙලාවකට මටවත් තේරෙන්නේ නෑ මං කොහොම චරිතයක්ද කියලා. ඉතිං එහෙව් එකේ කොහොමද අම්මා මම කෙල්ලෙක්ව තේරුම් අරගෙන ආදරේ කරන්න පටන් ගන්නේ...?
Details
ISBN
9551116996
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review