පෙර දා යුවතිය
ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප‍්‍රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත‍්‍රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්‍ෂණයකටත් මුහුණ දිය යුතු ය.
පදිංචියට ගිය පසු, පෙර සිටි කුලී නිවැසියා වූ එමා හට එහිදී අද්භූත මරණයක් අත්වූ බව ඈ සොයා ගනියි. සිදුවීම් එකිනෙක දිගහැරෙද්දී, ඇගේ කතාවත් මීට පෙර සිටි තරුණියගේ මෙන් අවාසනාවන්ත ලෙස අවසන් වනු ඇත්දැයි ජේන් කල්පනා කිරීමට පටන් ගනියි. එමාගේ අතීතය සහ ජේන්ගේ වර්තමානය අතරින් ගලා යන මේ කුතුහලය පිරි නවකතාව මනෝවිද්‍යාත්මක ත‍්‍රාසකයකි. අවසානය වන තුරුත් මෙහි ස්වභාවය වරින් වර මාරු වෙමින් එක් එක් පුද්ගලයා අතර දෝලනය වන නිසා පාඨකයාගේ සිතෙහි ද කරකැවිල්ලක් ඇති කිරීමට සමත් වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
මගේ අදහසඔයාට ඕන ඔයා හැමදාමත් හීන දැකපු අනාගතය අයිති කරගන්නද? නැතිනම් මේ විදියට .... ?
පරිපූර්ණ (Perfection) වෙන්න ඕන ද? පරිපූර්ණත්වය පාරිශුද්ධත්වයෙන් පිරුණ නිවසක අයිතිකාරයෙක් වෙන්න ඕනද?
"කරුණාකර ඔබේ ජීවිතයට අත්‍යවශ්‍ය යැයි හැඟෙන, ඔබ සන්තකයේ ඇති සෑම දෙයකම ලැයිස්තුවක් සකස් කරන්න."
..............................
විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියෙනවා, ඔයාගෙ මනසින් කතාව අල්ලගන්නෙ නැතුව නම් කතාව විඳගන්න බැරි වේවි!
වන් ෆෝල්ගේට් වීදීයෙ අංක එක නිවසත් බේකර්ස් වීදිය වගේම අපිට මතක තියේවි. ????