Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පෙරළිය

පෙරළිය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ටී. බී. ඉලංගරත්නයන්ගේ ‘පෙරළිය’ කතාව කියැවීගෙන යන්නේ නිදැල්ලේ නැළවිල්ලේ ගලාගෙන යන රචනා ලතාවකින්. බස සරලයි. ගැමි මුවට හුරු වදනට හොඳට ම නැඹුරුයි. සන්සුන්ව සවන් යොමා සිටින පිරිසකට කියැවෙන කතාවක් වැනියි. ‘පෙරළිය’ ලංකාවේ සිදු වූ සාමාජික විපරිණාමයේ විත්තියක්. පෙරළියට කරළිය වන්නේ උඩරට ගම්මානයක්. ගමේ පන්සලේ රන්කොත් කැරැල්ලේ සාන්ත රන් පැහැයෙන් සැනහෙන මහ මරදගම පෙදෙස, මේ කතාව ආරම්භයේ දී පැරණි පුරුදු විදියට කාලය ඔස්සේ ගමන් ගන්නා ජීවිත ගොඩකට නවාතැනක්, මැදගම සමාජය කෙමෙන් පරිණාමයට පත්වන හැටි පෙන්නුම් කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් එක් ගැමි තරුණයෙකුගේ චරිතයෙන්. සමන් තේ වත්තේ ලැයිමෙන් ගමටත්, ගමෙන් ලැයිමටත් යළිත් ලැයිමෙන් ගමටත් යමින්-එමිනුයි මේ සමාජ පෙරළිය මූණපාන්නේ.

පැරණි පුරුදු සමාජ ධර්ම හා චිරාගත ආයතනයක් උගුලුවා ලමින්, ගම්මානයේ දිවි පෙවෙත පෙරළියකට පත් කරමින් හැම පැත්තක් ම සලිත කරමින් මැදගම ගම්මානයට කඩා වදින දේශපාලන කුණාටුවේ වේගය අඩු-වැඩිවීම් ද කතාකාරයා තමාට හුරු පුරුදු දේශපාලන බැල්මෙන් බලමින් මේ කතාවට ගොතා අමුණා ඇත්තේ ය.

එඩ්වින් ආරියදාස

ISBN
9789554682153
පිටු ගණන (Pages)
213
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පෙරළිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.