පිච්ච මල් හීනයක්
ආදරේ කියන්නේ මිනිස්සු ජීවත් කරවන ලස්සනම ලස්සන හැඟිමක්.අපේ ජීවිතේ අපිට අමතක කරන්න බැරි මතක ජීවිතේ හුස්ම වෙලා තිබ්බ බැඳිම් කාලයක් යද්දි අපිටවත් නොකියා අපිව සෑහෙන්න රිද්දනවා.අපි කොච්චර ආදරෙන් හිටියා ද කියලා ඒ මතක අපිට මතක් කරලා දෙනවා.ඒ මතක අස්සේ දවස ගානෙ කොයි තරම් අපි මැරි මැරී ජීවත් වෙනවා ද කියලා කාටවත් කවදාවත් දැනෙන් නෑ.හැම මනුස්සයෙක් ළඟම එහෙම රිදවන මතක තියනවා.ආදරේ කියන්නෙම එක්තරා විදියක වේදනාවක්, පරිත්‍යාගයක්.
දන්නවා ද...ජීවිතේ ඉවසන්න බැරි තැන් මඟ හැරෙන රිදෙන තැන් කොච්චර තමන් විදෙව්වත් ඒවා නොපෙන්වා ඉන්න උත්සහ කරනවා.ඒත් ඒ මොන වේදනාව ආවත් අවංක ආදරයකට ඒවා දැනෙන්නෙවත් නෑ.දන්නවාද මිනිස්සු ඇයි මේ තරම් වේදනා විඳගෙන ආදරේ කරන්නේ කියලා .දන්නෑ නේද?..
අනේ මන්දා මටත් හිතාගන්න බෑ.ඒ ආදරේ හැටි වෙන්න ඇති.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.