Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / පිරිමි ඇහිඳින හීන

පිරිමි ඇහිඳින හීන

කතෘ (Author): රුසිර තරංග
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

අප ජීවත්වන්නේ ‛පිරිමිකම ’ පියාගේ භූමිකාව අර්බුදයෙන් අර්බුදයට ගිය ලෝකයක ය වෙළඳපොළ ධනවාදය විසින් පරාරෝපණයට ලක් කළ ලෝකය දැන් පියා අහිමි වූ ලෝකයක් වී ඇත

ප්‍රේමය වෙනුවට 'ධනය ’ ආදේශ වන තැනක ප්‍රේමයේ ඉගැඹුර සංස්පර්ශ කරන සමාජයක් සොයා යෑමේ පිරිමි භූමිකාව කුමක්ද ?

‛ප්‍රේමය' වෙනුවට 'ධනය ’ විසින් අතික්‍රමණය කළ පරිභෝජන සමාජය තුළ තරුණ පිරිමින් හා තරුණ ස්ත්‍රීන් ප්‍රේම වෙළඳපොලක භාණ්ඩ බවට පිරිහෙලා ඇත

වෙළඳපොල විසින් පිරිමියා හා ස්ත්‍රීය පිළිබඳ 'වටිනාකම් පැකේජයක් ' සකස් කර ඇත. ඒ වටිනාකම් පැකේජය වනු විනා ප්‍රේමයට ඉඩදීම ප්‍රේමය වීම අතුරුදහන් වී ඇත. ප්‍රේමය වෙනුවට ගනුදෙනුව ආදේශ වී ඇත

එක් අතකින් හදවතක් නැති සමාජයක හදවතක් තබා ගැනීම කවර නම් දුෂ්කර ක්‍රියාවක්ද ?

ප්‍රේමය සඳහා අවැසිම දේ තේරුම් ගැනීමයි වෙනස භාර ගැනීම ප්‍රේමයේ පළමු අවැසිතාවය වේ

Details
ISBN
9786249643703
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පිරිමි ඇහිඳින හීන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.