Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පිටුවහල් සිත්තරී
About this book
එදා රෑ... උන් හදිසියේම අපේ ගෙදරටත් ආවා. ඇඳගෙන හිටපු රෑ ඇඳුම පිටින්ම උන් අපිව අපේ ගෙදරින් ඇදගෙන ආවා. කිසිම වරදක් නොකරපු අපිව, "හොරු සහ ගණිකාවෝ" විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින් , අපේ අයගෙන්, අපේ රටෙන් ගොඩක් ඈතට අරන් ආවා.
අපේ ජීවිත සදහටම වෙනස් වුණා.
අපේ ජීවිත විතරක් නෙවෙයි. තවත් මිනිස්සු සිය දහස් ගණනකගේ ජීවිත සදහටම වෙනස් වුණා.
ලෝකය අපි ගැන දැනගෙන හිටියෙ නෑ. මුළු ලෝකයටම අපිව අමතක වුණා. ලෝකෙටම රහසින් අපේ රටවල් ලෝක සිතියමිනුත් මැකිලා ගියා.
ඒත් තවමත්..... අපේ කතාව මේ ලෝකෙට කියන්න අපිට අවසර නෑ.
ඒ නිසාම, අනන්ත දුක් විඳපු අපේ මිනිස්සු වෙනුවෙන්,අපේ ජාතිය වෙනුවෙන්, අපේ රටවල් වෙනුවෙන් තරුණ දුවෙකුට කරන්න පුළුවන් උපරිම යුතුකම මම කළා.
මුලු ලෝකෙන්ම වසන් කරපු අපේ කටහඬවල්... මං මගේ අකුරු පේලි මැද්දේ ..... චිත්‍රවල රේඛා ඇතුළේ හැංගුවා. ඒ සටහන් අපේ මව් බිමේ පස් ඇතුළේ හැංගුවා...
මේ සටහන්....
ඔබේ හුස්ම මොහොතකට නවත්වාවි.... ඇස් දෙක කඳුළු වලින් තෙත් කරාවි...
ඒත්... කියවන්න.
මම නවතින්නම්.
දැන් ඔබේ වාරය.. මේ අපේ කතාව කාටහරි කියන්න.
මං, ලීනා.
"පිටුවහල් සිත්තරී"
-ඉතිහාසයේ නිහඬ බව බිඳින යුවතිය-
ISBN
9789556912708
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පිටුවහල් සිත්තරී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.