Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පිය සටහන් මැද

පිය සටහන් මැද

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"රශී..."

"මට මැරෙන්න දීපං දස්සා...  මට මැරෙන්න දීපං..."

හැරී නොබැලුවත් මිතුරා පැමිණ ඇති බව දැනුණු හෙයින් ඒ හඬ

පෙර තරම් වියරු නැත.

"මැරෙන්න තරම් ප්‍රශ්නයක් උඹට තියෙනවද රශී..."

දසුන්, රශ්මිතගේ මනස නිරවුල් කරනු පිණිස නිවුණු හඬින් ඇසීය.

"මාව පිච්චෙනවා බං... ඇත්තටම පිච්චෙනවා...."

"ඔය උඹට නින්ද නැති නිසා..."

නින්ද නොයාමේ රෝගය නිසා මිතුරා වසර ගණනාවක් පුරාවට 

විඳින දුක හැබැහින් දැක තිබූ දසුන් අනුකම්පාවෙන් යුතුව කීවේය.

"එහෙම වෙන්න මොකක්ද මං කරපු පව.... කියපං දස්සා...

මොකක්ද මගෙන් වුණ පව....?"

ඔහු ඇසුවේ වෙව්ලන සුළු කටහඬෙනි.

"උඹ අපි තරම්වත් පව් කරන එකෙක්ද රශී.

මං දැක්ක හොඳම කොල්ලා උඹ.... සිරාවට..."

දසුන් මිතුරාගේ උරහිසේ ග්‍රහණය දැඩි කරමින් කීවේය. 

"එහෙමනං ඇයි මට නින්ද නොයන්නේ...? හරි රෑට නින්ද නොගියයි

කියමු. ඇයි මට දවාලකටවත් නින්ද නොයන්නෙ... මට ඉවසන්න බෑ

දස්සා... මට මේක තවත් ඉවසං ඉන්න බෑ...."

තරුණයාගේ ඇස් වලින් කඳුළු ගුළියක්ම පිට පැන්නේය. 

 

ISBN
9789550929566
පිටු ගණන (Pages)
269
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පිය සටහන් මැද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.