Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පෝලිම
About this book
රජය මඟින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පෝලිමක් . අපේක්ෂාව සහ අපේක්ෂා භංගත්වය, ඉවසිල්ල යනුවෙන් වරනැඟෙනා යටහත් බව සහ ඒ් අවසන පැන නැඟෙනා නොඉවසිල්ල සහ කෝපය මෙන්ම මානව සබඳතාවන්හී සංකීර්ණත්වය විදහා පෙන්වන කෙටි සංවාද පෙළක් . මේ ව්ලැදිමීර් සොරෝකින්ගේ ' පෝලිම 'නම් නවකතාවෙහි මතුපිට සිත්තමයි . එහෙත්, මෙහි යටිපෙළින් කියැවනුයේ ලෝක ඉතිහාසයෙහි අසිරිමත්ම සිදුවීමක් එනම් සෝවියට් සමාජවාදී රාජ්‍යය බිහිවීමෙන් පසු එහිම ඇතිවන විපරිණාමය සහ තමන්ගේ යහපත උදෙසාම තම දහදිය කඳුළින් බිහිකරගත් පාලනයක ගොදුරු බවටම පත් ජනතාවකගේ සංවේදී සහ සංකීර්ණ පුවතයි . මෙහි එන දෙබස් පෝලිමෙහි රස්තියාදු වන පුරවැසියාගේ අත්දැකීම කියවන පාඨකයාද නොදැනුවත්වම එහිම සාමාජිකයෙකු බවට පත්කරන තරම් ප්‍රබලය . සෝවියට් බලධාරීන් විසින් තහනමට ලක් කරන ලද මේ අගනා නවකතාව මානව ඉතිහාසයෙහි එක් වැදගත් පරිච්ඡේදයක් කෙරෙහි නව්‍ය වූ ආකෘතියක් හරහා සිදුකෙරෙන සාහිත්‍යමය විචාරයක් මෙන්ම රුසියානු -සෝවියට් සාහිත්‍යයේද කැපී පෙනෙනා කඩඉමක් ලෙස විචාරක සම්භාවනාවට පාත්‍රවෙයි .
ISBN
9786245087075
පිටු ගණන (Pages)
321
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පෝලිම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.