Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සරෝසෙක් බිමේ දුක් ගීතය

සරෝසෙක් බිමේ දුක් ගීතය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

වැඩවසම් යදම් බිඳ, ගොවි, කම්කරු සුබ සාධනය උදෙසා අරගලයෙන් බිහි වූ, නිර්ධන පන්තියේ රාජ්‍යයක් තුළ සියලු යාන්ත්‍රණයන් පාලක කාරකාදීන්ගේ සුපිරි පැවැත්ම පමණක් මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් වැජඹේ නම් හා අසරණ, නිදොස් ජනයා බිලි දෙන්නේ නම් එය “වටන් නියරන් ගොයම් කා නම් කාට ඒ ගැන කියන්නේදි” කියමන හා සැසඳෙන අවස්ථාවක් නොවන්නේද?

එවන් පසුබිමක හොරෙකුද, ස්ත්‍රී දූෂකයෙකුද, මිනීමරුවෙකුද නොවූ, එයට ප්‍රතිවිරුද්ධව අවංක වූ, යහපත් වූ, සිය බිරිඳ හා දරුවන්ට ආදරය කිරීම හැර මිනිමන අන් කිසි විශ්වාසයක් නොඇදහූ, මේ ආදරය තුළ දිවියේ මුලිකම අරුත දුටු මිනිසෙකු, වූ අබුතාලිප් කුත්තිබායෙව් වැඩ කරන ජනතාවගේ රාජ්‍යයක් තුළම ඇදිරී ගෙයක හැඬීම දෛවයේ සරදමක් නොවන්නේද? ජාතිකවාදයේ චෝදනාවන් යොදා ගනිමින් හා ජනවාර්ගික අතීතය උත්කර්ෂයට පත් කිරීමෙන්, ස්ටාලින්ගේ සමාජවාදී යුගයට හානි පමුණුවා ඇති බැවි පවසමින්, ජනවර්ගයන්ට චෝදනා ආරූඪ කිරීමට මැලි නොවූ යුගයක, ඒ තත්ත්වය ලොව හමුවට පෙන්වා දෙමින්, තණ බිම්වල ප්‍රචලිත, මුඛ පරම්පරාවෙන් පැතිර ආ, චිංගීස් ඛාන්ගේ සමයට අයත් “සරෝසෙක් හි දණ්ඩනය” නමැති ජනප්‍රවාදය අයින්මාතොව් ගෙන එන්නේ කෲර, ඒකාධිපති පාලනයක සමාන්තර ලක්ෂණ සියුම්ව හා උපහාසාත්මකව පෙන්වා දෙමිනි.

“සියවසක් පවත්නා දවස” තුළින් ඒ බැරෑරුම් පාලනය පිළිබඳ කතිකාවත ඉදිරියට ගෙනයමින් බහු අර්බුද, එහෙත් වාර්තා ශිල්පීනයට හසුව, බැරෑරුම් වැයවැළක ගිලී, වාසනාවකට මෙන් පසුව ප්‍රතිසංස්කරණ රැල්ලේ වෙළී වෙරළට ගලා ආ “චිංගීස් ඛාන් ජයදුවා වූ සරෝසෙක් බිමේ දුක් ගීතය”, “ගුරු ගීතයෙන්” අංශක 360ක පිම්මක් ගසා හැරී ආ අයිත්මාතොව්ගේ ප්‍රබන්ඩ දේශපාලන අරගලය වටහා ගැනීමට සිංහල පාඨකයා විසින් නොවරදීම කියවිය යුතු ග්‍රන්ථයකි.

ISBN
9789556619867
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සරෝසෙක් බිමේ දුක් ගීතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.