Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඔර්ලොව් දියමන්තියේ ශාපය

ඔර්ලොව් දියමන්තියේ ශාපය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

රුසියානු කිරීටයේ අවසන් අධිරාජ්‍යයා වන II වන නිකොලායි සාර්ගේ මෞලි මංගල්‍යයට පැමිණෙන ඔහුගේ මාමා වන ගියෝර්ගි ඇලෙක්සැන්ද්‍රොවිච් සිටුවරයාගේ පවුලේ උදවිය තම විඩා සංසිඳුවාගෙන නැවත 'එර්මිතාශයට' පැමිණෙමින් සිටියදී අනපේක්ෂිතව දාමරික ප්‍රහාරයකට ලක් වෙති. ඔවුන් දිවි ගලවා ගන්නේ සුප්‍රකට රහස් පරීක්ෂක එරාස්ත් ෆන්දෝරින් හා ඔහුගේ ජපන් ජාතික අතවැසි මසාගේ උදව්වෙනි.

එහෙත් කුඩා මිඛයිල් කුමරු පැහැර ගැනීමට ලක්වෙයි. එය සිදුකරන්නේ අතිශය දරුණු අපරාධකරුවෙකු වූ 'ඩොක්ටර් ලින්ඩ්' බව හෙළිවේ. ඔහු කුමරුවාව නිදහස් කිරීමට නම් මෞලි මංගල්‍යයට අත්‍යවශ්‍ය රාජ සෙන්කෝලයේ ඇති අමිල ඔර්ලොව් දියමන්තිය ඉල්ලා සිටින අතර එසේ නොවුණහොත් කුමරුවාව මරා දමා කැබලි කර කැබලි මොස්කව් නුවර පුරා විසුරුවා, මෞලි මංගල්‍යය කඩාකප්පල් කරන බවට තර්ජනය කරයි.

මෙවිට ඔවුන්ට උපකාර පිණිස ඉදිරිපත් වන්නේ ෆන්දෝරින්ය. මොස්කව් පාතාල ජාලය, සමරිසි ලෝකය, එර්මිතාශය ආදී බොහෝ තැන් පුරා ලින්ඩ්ව සොයා යන ෆන්දෝරින්ට ජය හිමි වේද? ලින්ඩ් ජය ලබයිද? අසරණ මිෂාගේ ඉරණම කුමක්ද? සුන්දර ක්සේනියා ආදිපාදවරියගේ හා ස්ත්‍රී ලෝල ෆන්දෝරින්ගේ ආදර අන්දරයට සිදුවන්නේ කුමක්ද?

රුසියානු රාජ්‍යය තුළ පමණක් පිටපත් ලක්ෂ 130 ක් අලෙවි වූ, බ්‍රිතාන්‍යයේ රූපවාහිනියට හා රුසියානු ඇසිදිසි මාධ්‍යයට නැංවුණු, බොරිස් අකුනින්ගේ අග්‍රගන්‍ය කෘතියේ මෙම සිංහල පරිවර්තනය පාඨක ඔබව අමන්දානන්දයට පත් කරනු ඇත.

ISBN
9789556619614
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔර්ලොව් දියමන්තියේ ශාපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.