පෝස්ට්මෝර්ටම්
ම්ලේච්ඡ දාම ඝාතකයකු වර්ජීනියාවේ රිච්මන්ඩ් නගරයේ කාන්තාවන් අමානුෂික ලෙස ඝාතනය කරන විට, අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය කේ ස්කාර්පෙටා හට පැවරෙන්නේ ඔහුට ගොදුරු වුවන්ගේ සිරුරු තුළ සැඟවී ඇති සත්‍යය අනාවරණය කර ගැනීමටයි. අති නවීන අධිකරණ වෛද්‍ය විද්‍යාවෙන් සන්නද්ධව, ඔහු නැවත කාන්තාවක් ඝාතනය කිරීමට පෙර ඇය ඉතිරිව ඇති ඉඟි කිහිපයක් විකේතනය කළ යුතුය. නමුත් ඇය සත්‍යයට ළං වන විටම ඝාතකයා එක් පියවරක් ඉදිරියෙන් සිටින බව සෑම විටම සහතික කරයි. නොසිතූ ආකාරයේ අවදානම් රාශියකට මුහුණ දෙමින් රිච්මන්ඩ් පොලිස් දෙපාර්තමේන්තුව මෙන්ම FBI ආයතනයේද සහාය ලබාගෙන වෛද්‍ය කේ ස්කාර්පෙටාට ඝාතකයා හඳුනා ගැනීමට හැකිවේද?
වසරක් තුළදී Edgar, Creasey, Anthony සහ Macavity Awards මෙන්ම ප්‍රංශ Prix du Roman d'Aventures සම්මානයද දිනා ගැනීමට සමත් වූ Patricia Cornwell විසින් රචිත මෙම Postmortem කෘතිය අධිකරණ වෛද්‍ය කේ ස්කාර්පෙටා ප්‍රධාන චරිතය උසුලන Medical Thriller ශානරයට අයත් Scarpetta නවකතා මාලාවේ පළමු කෘතිය වේ. පසුකාලීනව එම Medical Thriller කතා මාලාව The Sherlock සම්මානය, Gold Dagger සම්මානය සහ RBA Thriller සම්මානය පවා දිනා ගත්තේය.
| Author | ඉන්දීවරී දිඹුල්ගස්තැන්න - Indeewari Dimbulgasthenna (4), Patricia Cornwell (1) |
|---|---|
| Publisher | ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (465) |
| ISBN | 9786246585327 |
|---|---|
| පිටු ගණන | 312 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |




