ප්‍රීසියස් සහ සීබ්‍රා මාලය
ප්‍රීසියස් රැමෝට්ස්ගේ නම් වූ ගැහැනු ළමයා ඉගෙනගත් පාසලට අලුතින් සිසුවියක් පැමිණියා ය. නැන්සි නම් වූ ඇය ඇතුළත් වූයේ ද ප්‍රීසියගේ පන්තියටම ය. දෙදෙනා හොඳ යහළුවෝ වීමට ගතවූයේ බොහොම ටික වේලාවකි. නැන්සිට තම දෙමව්පියන්ව මතක් වෙන්නට තිබෙන්නේ ඡායාරූපයක් සහ සීබ්‍රාවුන්ව කැටයම් කළ ලස්සන මාලයක් පමණක් බව ප්‍රීසියස්ට දැනගැනීමට ලැබුණි. ඇය නැන්සිට ඇගේ දෙමව්පියන්ව සොයාගැනීමට උදවු කරන්නට ඉදිරිපත් විය. ඔවුහූ බොට්ස්වානාහි දුෂ්කර ප්‍රදේශයක වෙසෙන මහලු කාන්තාවක් මුණගැසෙන්නේ මේ අබිරහස සොයායාමේ පළමු වෑයම විදියට ය. තමා නිර්මාණය කළ සීබ්‍රාවුන්ගේ කැටයම් සහිත මාලය හඳුනාගත් කාන්තාව නැන්සිට තවත් හෝඩුවාවක් හෙළි කළා ය. ඒ හෝඩුවාව අනුව ඔවුහූ තව දුරටත් රහස අනාවරණය කරගැනීමට වෙහෙසුණහ. ඒ කෙසේවිය හැකි ද?
පසුකාලයක නම්බර් වන් ලේඩීස් ඩිටෙක්ටිව් ඒජන්සියේ නිර්මාතෘවරිය වන්නේ ද මේ ප්‍රීසියස් රමෝස්වේ නම් කුඩා ගැහැනු දැරිවිය ය.