ට්‍රම්පට් හංසයා
හංස ගීතයක නැළවෙන්නට...
'ලුව්ස්' ට්‍රම්පට් හංසයෙකි. නමුත් ලුවිස්ට ට්‍රම්පට් හඬින් නාද කළ නොහැකි ය. ඇත්තෙන්ම ඌ ගොළු හංසයෙකි. එමනිසා ම තම ආදරයේ ට්‍රම්පට් නාදය නාද කිරීමට ඌට නොහැකි විය. ඉතා හැඩකාර, ප්‍රියමනාප හංස ධේනුවක වූ 'සෙරීනා' මේ තරුණ කුරුල්ලා වෙත බැල්මක් පවා නොහෙළුවේ ඒ නිසාම ය.
ඇගේ ආදරය දිනා ගැනීමට අවැසි සියලු දේ ගැන ම ලුව්ස් සිතුවේ ය. ඌ අකුරු ඉගෙනීමට පාසලකට පවා ගියේ ය. එහෙත් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැත. පසුව ලුවිස්ගේ පියා ගෙනැවිත් දුන් ට්‍රම්පට් එකක් නිසා ඌගේ මුළු ජීවිතයම වෙනස් විය. ලුවිස් මධුර මනෝහර සංගීත තාල වයමින් ප්‍රේක්ෂක හිත් අමන්දානන්දයට පත් කළේ ය. තරුණ හංසයා සංගීතඥයෙක් බවට පත් වී සිය ජීවන සහකාරියගේ හදවත ද දිනා ගන්නේ ය.
ඕ... ඕ... කෙදිනක හෝ හරිත වසන්තයේ දී
හුදකලා වූ වළාවෝ සහ අතු ඉති සමඟ
තනිවන්නට කැමැත්තෙමි...
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.