රැම්සීස් 3
About this book
එය මායාවක් වැනි විය. විශ්වයේ ඈත කෙළවරින් නැඟී ආ හඬක්, ඒ තෙරක් නොපෙනෙන අහසේ ප්‍රතිරාව නංවමින්, රැම්සීස් ගේ දෙසවනට පමණක් ඇසෙන්නට විය.
"මා ඔබේ පියාණන්, ආමන්, ඔබේ අත මට දෙන්න. මා ඔබෙයි. ජයග්‍රහණයේ පියාණන් වූ මා ඔබෙයි. පුතණුවනි."
එක්වර ම පාරාවෝ ආලෝක ධාරාවකින් වැසී ගියේය. ඔහුගේ සිරුර හිරු එළියේ රන් පැහැයෙන් දිලෙන්නට විය. රැම්සීස්, රා ගේ පුත්‍රයා තම දිව්‍යමය ශරීරයේ බලය ලබා ගත්තේය. තවදුරටත් ඔහු පරාජිත අණ දෙන්නෙකු හෝ හුදකලාව, අවුලටපත් රජෙක් නොවීය. ඔහු ශක්තිමත් අසිපතක් රැඳෙන දෑතක් හිමි, යටපත් කළ නොහැකි ශක්තියකින් යුතු රජෙක් විය. සියල්ල දවාලන ගිනි සිළුවක් විය. රාත්‍රී අහසේ අඳුර විනිවිද යන උල්කාපාතයක්, වේගයෙන් හමන සුළඟක්, සටනට සැරසුන කුළු හරකෙක්, පහරදීම සඳහා අත්පහුරු විහිදාගත් උකුස්සෙක්! රැම්සීස් ඊයක් පසුපස ඊයක් විදින්නට පටන් ගති.
Details
ISBN
9789556912180
පිටු ගණන (Pages)
449
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Write a review