Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රන් කෙන්දෙන් බැඳි ආදරයයි

රන් කෙන්දෙන් බැඳි ආදරයයි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මගෙ මූණ දිහා කෙලින් බලන්න..."

ඔහු කීවේ ඇගේ උරහිස් මත දෑත් තබන ගමන්. ඔහුගේ සමීපකම දරාගත නොහැකිව ඇය උන්නේ අපහසුවෙන් වුණත්, ඔහුට අවනතව ඇය සෙමෙන් දෑස් ඔසවා ඔහු දෙස බැලුවේ ප්‍රශ්නාර්ථ බැල්මක් දෑසේ අලවාගෙන.

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා... ඔයා මට ඒකට ඇත්තම කියන්න ඕන... ඒ වගේම මේ ප්‍රශ්නෙ මං ආය කවදාවත් ඔයාගෙන් අහන්නෙ නැහැ... ඔයා මේ දෙන උත්තරේ මොකක් උනත් තව දවස් දහයකින් අපි දෙන්න මැරි කරනවා... හැබැයි ඊට පස්සෙ ජීවිතේ විඳිනවද විඳවනවද කියල තීරණය වෙන්නෙ ඔයාගෙ ඔය උත්තරේ හැටියට, ම්ම්... ඒක නිසා හොඳට හිතල බලල මට ඇත්තම කියන්න...”

"හා..."

"ඔයා ඇත්තටම මට ආදරේ නැද්ද...”

ඔහු ඇසුවේ බැරෑරුම්ව උනත් ඒ ප්‍රශ්නයට ඇය ගල් ගැසුණා. ඒ ඇයත් තවම පිළිතුරු සොයමින් ඉන්නා ප්‍රශ්නයයි. ඇගේ හද ගැස්ම තවත් වේගවත් වෙනවා ඔහුට හොඳටම දැනෙද්දී,

"බය වෙන්නෙපා... මං යකෙක් නෙමෙයි... දැන් මං අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න...” යන්නෙන් ඔහු කීවේ නිවුණු හඬකින්. ඇය මොහොතක් දෑස් පියා ගත්තේ හදවත සන්සුන් කර ගන්න. ටික වේලාවක් එසේ උන් ඇය සිතට දිරි ගෙන දෑස් හැර ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බැලුවා.

"න් නැහැ... ආදරේ නැහැ...”

ISBN
9786245673391
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රන් කෙන්දෙන් බැඳි ආදරයයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.