රන් කෙන්දෙන් බැඳි ආදරයයි

Special Price රු. 1,120.00 Regular Price රු. 1,400.00
In stock
SKU
ran-kenden-bandi-adarayai-cha‍mee-thiyambarahene-sithuwili

"මගෙ මූණ දිහා කෙලින් බලන්න..."

ඔහු කීවේ ඇගේ උරහිස් මත දෑත් තබන ගමන්. ඔහුගේ සමීපකම දරාගත නොහැකිව ඇය උන්නේ අපහසුවෙන් වුණත්, ඔහුට අවනතව ඇය සෙමෙන් දෑස් ඔසවා ඔහු දෙස බැලුවේ ප්‍රශ්නාර්ථ බැල්මක් දෑසේ අලවාගෙන.

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා... ඔයා මට ඒකට ඇත්තම කියන්න ඕන... ඒ වගේම මේ ප්‍රශ්නෙ මං ආය කවදාවත් ඔයාගෙන් අහන්නෙ නැහැ... ඔයා මේ දෙන උත්තරේ මොකක් උනත් තව දවස් දහයකින් අපි දෙන්න මැරි කරනවා... හැබැයි ඊට පස්සෙ ජීවිතේ විඳිනවද විඳවනවද කියල තීරණය වෙන්නෙ ඔයාගෙ ඔය උත්තරේ හැටියට, ම්ම්... ඒක නිසා හොඳට හිතල බලල මට ඇත්තම කියන්න...”

"හා..."

"ඔයා ඇත්තටම මට ආදරේ නැද්ද...”

ඔහු ඇසුවේ බැරෑරුම්ව උනත් ඒ ප්‍රශ්නයට ඇය ගල් ගැසුණා. ඒ ඇයත් තවම පිළිතුරු සොයමින් ඉන්නා ප්‍රශ්නයයි. ඇගේ හද ගැස්ම තවත් වේගවත් වෙනවා ඔහුට හොඳටම දැනෙද්දී,

"බය වෙන්නෙපා... මං යකෙක් නෙමෙයි... දැන් මං අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න...” යන්නෙන් ඔහු කීවේ නිවුණු හඬකින්. ඇය මොහොතක් දෑස් පියා ගත්තේ හදවත සන්සුන් කර ගන්න. ටික වේලාවක් එසේ උන් ඇය සිතට දිරි ගෙන දෑස් හැර ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බැලුවා.

"න් නැහැ... ආදරේ නැහැ...”

Author චමී තියඹරාහේනේ ගෙදර - Chami Thiyabarahene Gedara (22)
Publisher සිතුවිලි ප්‍රකාශන - sithuwili publishers (47)
More Information
ISBN 9786245673391
පිටු ගණන 304
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රන් කෙන්දෙන් බැඳි ආදරයයි
Back to Top