Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රන් කුකුළෝ ඉගිල යති - දයාවංශ ජයකොඩි ප්‍රකාශන

රන් කුකුළෝ ඉගිල යති - දයාවංශ ජයකොඩි ප්‍රකාශන

About this book

රන් කුකුළෝ ඉගිල යති

"අපි තරුණයි. අපිට හොඳට සවි ශක්තිය තියෙනව. හිතනව නම් අපි වගේ තරුණ උදව්යට ඕන දෙයක් කරන්න පුළුවන්. ඔය ගොල්ලො කැමති ද මේ කුකුල් කොටුවෙන් නිදහස් වෙලා නිදහසේ අත් තටු ගහල නිල් ආකහේ සුදු වලාකුල් අස්සෙන් රූ කියාගෙන පියාඹන්න? පියාඹලා ඈත මිනිස්සු නැති වනාන්තරේකට ගිහිල්ල නිදහසේ කැමති කාලයක් ජීවත් වෙන්න?”

ගොන්නු

"නිකං පව් සිද්දවෙන කතා නොදොඩා ඉදිං කොලුවා ! ඔහොමමයි. නාකි අපිව කේන්තිගස්සන එක තොපිට විනෝදයක්. නැහැදිච්චකොම මිසක්ක වෙන අහවල් දෙයක්ය. එළදෙන්නුන්ව මරණ එක නීතියෙන්ම තහනම් කොරලයි තියෙන්නෙ. ආන් ඒකවත් නොදැනයි තොපි කතාකරන්නෙ. අපේ නෝරිස් උපාසක උන්දැ බොරුවක් කියන මනුස්සයෙක් ද? ‛කැලණිය වඳින්නයි යන්නෙ. එන පාර හෝගාන පොකුණත් බලාගෙන එන්න පුළුවන්” කියලයි උන්නැහැ කිව්වෙ.”

නාම්බා කොච්චර හයියෙන් හිනාවුණා ද කියනවා නම් ලොරියම හෙල්ලෙන්න පටන්ගත්තා.

"ඇයි ආච්චියේ උඹට කිව්වෙ නැද්ද. දෙමටගොඩත් වැඳ පුදාගෙන එතැනින් තව්තිසා වඩින්න පුළුවන් කියල?”

ISBN
9789556863765
පිටු ගණන (Pages)
125
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රන් කුකුළෝ ඉගිල යති - දයාවංශ ජයකොඩි ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.