රටක් කැලැඹූ පුවතක අලුත් කතාව
නිවන් දොර පහන් සිළු, අලි ඇත්තුද, මනු සත්තුද, මගේ අම්මා, මහරජ ගැමුණු ජයමඟ ඔස්සේ ඇතුළු කෘති කිපයක් පාඨක ලෝකයට ඉදිරිපත් කල සිළුමිණ නියෝජ්‍ය කර්තෘ (විශේෂාංග) ධුරය දරන උපාලි සමරසිංහ ලේඛකයා මෙවර පාඨකයා වෙත තිලිණ කර ඇති ‘රටක් කැළඹූ පුවතක අලුත් කතාව’ කාගේත් අවධානයට යොමු විය යුතු - එක හුස්මට කියවාගෙන යා හැකි අපූර්ව නිර්මාණයකි. මීට දශක ගණනාවකට පෙර අපේ රටේ ජනතාවගේ සිත්සතන් කැලඹීමට පත් කළ අනුවේදනීය සිද්ධි ගණනාවක් හා ඒ ඒ සිද්ධිදාමයන් ට ගොදුරු වූ හා සම්බන්ධ වූ අයගේ ඥාතීන් හිතවතුන් සොයාගෙන ගොස් වසර කීපයක් ම මානව විද්‍යාත්මක ව සහභාගීත්ව නිරීක්ෂණ ක්‍රමය යටතේ ගවේශණය කොට ලියා ඇති මෙම කෘතිය කියවන වැඩිහිටියෙකුට තමන් කුඩා කල නැත්නම් තරුණ කල එදා පුවත්පත් මගින් හා ගුවන් විදුලිය මගින් දැනගන්නට ලැබුණු මේ පුවත්පත් පිළිබඳ යලිත් සිතන්නට අනුබල දෙන අන්දමට තමන්ගේ පුරුදු ලේඛන ශෛලිය අනුගමනය කරමින් ඔබ අතට එන මෙම කෘතිය උපාලි සමරසිංහයන්ගේ උත්සාහයේ අග්‍ර ඵලයක් ලෙස සැලකීම යුක්ති යුක්ත වේ.
එදා ඇතැම් අපරාද කරුවන් ලෙස හංවඩු ගැසූ අයගේ අභ්‍යන්තර ජීවිතයේ ගුණාත්මක පක්ෂය අද ජීවත්වන ඔවුන්ගේ ඥාතීන් හා හිතවතුන්ගේ හෙළිදරව් වීම්වලින් දැනගත් විට, ඇතැම් විට අප ඔවුන්ට සිතුවිල්ලෙන් පවා අසාධාරණයක් කළාදෝ යන හැඟීම ඇති වනු ඇත. මරදානේ චොප්පේ, නවරියන් වැනි අය අසාධාරණයට එරෙහිව පොලිසියේ අනිසි බාධා කිරීම්වලට එරෙහිව කටයුතු කොට, දුප්පතුන් වෙනුවෙන් හොරකම්වල යෙදුණු අය වේ. එවන් පුද්ගලයින් ගැන මෙන්ම, වෘත්තීය සමිති සටන් නිසා මැරුම් කෑ සෝමපාල වැනි අය ගැන මෙන්ම, නළු නිළියන් වන විජය කුමාරතුංග, දම්මි ෆොන්සේකා, සාගරිකා ගෝමස් යන අයගේ ඝාතන සම්බන්ධව ද සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට අප ලේඛකයා ගත් උත්සාහය අගය කළ යුතු වේ. එපමණක් ද නොව, අපේ හදවත සසල කරන අන්දමේ තවත් ඝාතන කීපයකම තොරතුරුද, ඒ වාගේම ඒවායේ ගොදුරු බවට පත්වූවන් ගේ වර්තමාන ඥාතීන් කැර ඇති ප්‍රකාශයන්ද කියවන තරුණ පාඨකයන්ට කිසියම් පාඩමක් මේ ග්‍රන්ථයෙන් ලබා දේ යන්න මගේ හැඟීමයි. හෝකන්දර සිදු වූ සය මිනිස් ඝාතනය පිළිබඳ කියවන විට අප රට බෞද්ධ රටක් ද යන්න සිතා ගත නොහැකිය. හැඟීම්බරව රචානා කැර තිබුණද මෙහි එන කතන්දර සත්‍ය බව කිව හැක්කේ ඒ සම්බන්ධ ව සමරසිංහ ලේඛකයානන් කැර ඇති ගවේෂණ නිසයි. මෙම කෘතියේ අගය වැඩි වී ඇත්තෙ අදාළ සිද්ධිවලට මුහුණ දුන් අයගේ හා ඔවුන් ජීවත් වූ ස්ථාන පිළිබඳ ඡායාරූප ද එකතු කැර තිබීම නිසාය.
සම්මානිත මහාචාර්ය
බී. ඒ. ටෙනිසන් පෙරේරා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය,
ගංගොඩවිල - නුගේගොඩ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.