Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ගවේශනාත්මක / බණ්ඩාරදූවේ වැද්දෝ
About this book

ලෝකයේ පැරණිතම මනුෂ්‍ය කොට්ඨාසයක් ලෙස සැලකෙන වැද්දන්ගේ සමාජ ජීවිතයත්, ඇදහිලි හා විශ්වාසත් ගැඹුරින් අධ්‍යයනය කිරීම පරමාර්ථ කොට ගත් සී. ජී. සෙලිග්මාන් ඔහුගේ ගවේෂණයෙන් පසුව “ඔවුන් සදහටම අහෝසි වීමෙහි එළිපත මත සිටින කුඩා මිනිස් සමාජයක්” ලෙස විස්තර කර තිබේ. ඊට හේතු ලෙස ඔහු දකින්නේ දෙමළ හා සිංහල මිනිසුන් සමඟ දිනෙන් දින දියුණු වෙමින් පවත්වාගෙන යන සබඳතාවන් වේ. සෙලිග්මාන් ගෙන් පසුව වැදි ජනයා ගැන සොයා බැලූ වෛද්‍ය ස්පිට්ල්ට හමුවන්නේ සෙලිග්මාන් ගවේෂණය කළ ප්‍රෙද්ශවල වැදි ජනයා නොවේ. තැනින් තැනට යමින් ජීවත්වන වැදි ජන කණ්ඩායම් කිහිපයක් ගැන ඔහුගෙන් වාර්තා වේ. ගවේෂණයකින් පසු ඉදිරිපත් කරන වාර්තාවකට වඩා ඔහු තොරතුරු දක්වන ක්‍රමය වෙනස් ය. එහි ඇත්තේ සාහිත්‍යමය ආකෘතියකි. කෙසේ හෝ මේ දෙදෙනාගේ ම අවධානයට භාජනය වූ ගමකි බණ්ඩාරදූව. සෙලිග්මාන් සුවිශේෂීව ද ස්පිට්ල් යම් යම් තැනෙක ද සඳහන් කරන බණ්ඩාරදූව එක්දහස් නවසිය හැට දසකවල සිට ලේඛකයන්ගේ විශේෂ අවධානයට ලක් විය. මේ සියලු දෙනාගේම වාර්තා සැලකිල්ලට ගත්ත ද බණ්ඩාරදූව ජනයා ගැන අඛණ්ඩ ඉතිහාස කතාවක් ගලපා ගැනීම උගහටය. මේ අඩුව පුරවා දැමීමට “බණ්ඩාරදූවේ වැද්දෝ” යම් තරමකින් හෝ සමත් වී තිබේ නම් එය සතුටට කරුණකි.

ISBN
9789556565065
පිටු ගණන (Pages)
205
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බණ්ඩාරදූවේ වැද්දෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.