රටම හෙල්ලූ ජවිපෙ
ප්‍රභවය විකාශය සහ දේශපාලනය
ලෙනින් ගැන කතා කිරීමේ දී රෝහණ විජේවීර ප්‍රමුඛ ජවිපෙ නායකත්වය නිරතුරුවම කතා කළේ "අපේ සදාදරණීය නායක ලෙනින්, සදාදරණීය ගුරුවර ලෙනින්” ආදී වශයෙනි. එහෙත් 1971 කැරැල්ලේ බරපතළ පරාජයෙන් පසු එකී ලෙනින් පෙන්වා දුන් පරිදි සැබෑ මාක්ස්වාදී-ලෙනින්වාදී ජීවගුණයකින් යුතුව තමන්ගෙන් සිදු වූ දේශපාලන වැරදි "අවංකව පිළිගැනීමට, ඒවාට හේතු වූ කරුණු සොයා දැනගැනීමට, එම වරද සිදුවන තැනට කටයුතු යෙදුන තත්ත්වයන් විග්‍රහ කරගැනීමට සහ ඒවා නිවැරදි කිරීමේ මාර්ග තීරණය කරගැනීම යන ක්‍රියාමාර්ග ගැනීමට” කටයුතු කළේ නැත. එසේ කටයුතු කළා නම් 87-89 වකවානුවේ 60,000ක් පමණ ජනයාගේ ජීවිත කුරිරු ධනේශ්වර පාලනයක දංගෙඩියට බිලි දුන් ප්‍රතිවිප්ලවීය දේශපාලන ක්‍රියාමාර්ගයකට පිවිසීමක් සිදුවන්නේ නැත. උත්ප්‍රාසය වන්නේ 87-89 මහා ඛේදවාචී බිහිසුණු පරාජයක් අත්කර ගැනීමට නියමිතව තිබූ හා එසේ අත්පත් කරගත්තාවූ එකී පරාජයෙන් පසුත් අනුප්‍රාප්තික ජවිපෙ නායකත්වය පවා තමන් උරුමය කියන දේශපාලනයේ අවංකව පිළිගැනීමට, එයට හේතු වූ කරුණු සොයා දැනගැනීමට, එම වරද සිදුවන තැනට කටයුතු යෙදුන තත්ත්වයන් විග්‍රහ කරගැනීමට සහ එය නිවැරදි කිරීමේ මාර්ග තීරණය කරගැනීම යන ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා නොකිරීමය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.