රෝන්දෙක යන සඳ - කාව්‍ය සංග්‍රහය
රෝන්දෙක යන සඳ කාව්‍ය සංග්‍රහයේ කවි බොහොම රසවත්. ඒ කවි නොහිතන පරාසයකට යොමුවී තිබෙනවා.
ජීවිතේ අහුමුලුවල මට යන්න බැරි අත්දැකීම්
සමුදායකට මාව කැඳවාගෙන ගියා. ඔබගේ ගමක සුවඳ
අත්දැකීම් වගේම භාෂාවන් පොහොසන්. ඔබ අපූරු කවිකාරියක්. මගේ සුබ පැතුම් ඔබගේ කෘතියට!
ප්‍රවීණ කලාකරු
භද්‍රජී මහින්ද ජයතිලක
රෝන්දෙක යන සඳ කාව්‍ය සංග්‍රහය ජීවිත පිළිබඳව අනගි විග්‍රහයකි. මිනිස් මනසේ නැගෙන චිත්තවේගයන් ඇය විසින් කාව්‍යමය බසකට පෙරළා තිබේ. කවිය හරහා පාඨකයා අමතන ඇය මුළුමනින්ම විනිශ්චය විරහිතය. මිනිස් චර්යාවන්, මිනිස් ආවේග, මනෝභාවයන්, පොදු මිහිස් දුර්වලතා යනාදිය පිළිබඳව කිවිඳිය කාව්‍යමය භාෂාවක් භාවිත කරන අතර කිසිවක් ඈ විනිශ්චය නොකරයි. රෝන්දෙක යන සඳ කාව්‍ය සංග්‍රහයේ කිවිඳිය දර්පණනලයක් පාඨකයා ඉදිරියෙන් තබන්නීය.
ඉන් මතුවන සංකල්පනාවන් කිවිඳිය හා පාඨකයා අතර පරාවර්තනය වෙයි. එමගින් නැගෙන කාව්‍ය මිහිර අන්‍ය රසයක් ගෙන එයි.
වෛද්‍ය රුවන් එම්. ජයතුංග
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.