Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / වරක් ඔබ ඇවිත් යනවද මගේ සඳ....? - කාව්‍ය සංග්‍රහය

වරක් ඔබ ඇවිත් යනවද මගේ සඳ....? - කාව්‍ය සංග්‍රහය

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

පූර්ව කෘත කුසල මහිමයෙන් නිපන් කවිකම් මගින් සහෘදයින් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන නලිනි ද සිල්වා ගේ මෙම "වරක් ඔබ ඇවිත් යනවද මගේ සඳ" නම් වූ කාව්‍ය සංග්‍රහය නූතන කවි කෙතට වැටෙන නැවුම් ආලෝක පුංජයකි.

රස බස අපූරුවට හසුරුවන ඇගේ නිර්මාණ කුසලතාව සතතාභ්‍යාසයෙන් හෙට දින පඳුරු ගසා සරුපල බෙදා දෙනු නොඅනුමානය.

ඇගේ ඉදිරිගමනට හෘදයංගමව සුබ පතමි.

ගීත රචක හා කිවියර

පූජ්‍ය මහගම සීලානන්ද හිමි

 

 

කෙනෙකු කාව්‍ය නිර්මාණකරණයේ යෙදෙන්නේ ඔහු හෝ ඇය තුළ තිබෙන කවිතාව නිසා ම ය. ඒ කවිතාව තිබූ පමණින් ම සාර්ථක කවි බිහිවන්නේත් නැත. ඒ සඳහා කවිය පිළිබඳව මනා හැදෑරීමක් ද තිබිය යුතු ම ය. සඳස් කවිය, නිදහස් ආරේ කවිය මතු නොව කෙටි කවිය පිළිබඳව ද නලිනි තුළ ඒ හැදෑරීම නො මඳව ඇති බවට මේ කාව්‍ය සංග්‍රහය අපට සාක්ෂි දරනු ඇත.

සාහිත්‍යකාමි සහෘද

සිසිර ගමගේ

ISBN
9786246446529
පිටු ගණන (Pages)
60
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වරක් ඔබ ඇවිත් යනවද මගේ සඳ....? - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.