රුකුල් පොජ්ජේ වනහුරා
හිදැල්ලේ පී ගුණවර්ධන මහතා කුරුවිට මහා විදුහල, රත්නපුර සීවලී මැදි විදුහල ආදී විදුහල් වලින් අධ්‍යාපනය ලබා, පසුව අම්පාර හාඩි උසස් කාර්මික ආයතනයෙන් ජාතික තාක්ෂණික ඩිප්ලෝමා සහතිකයත් පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා බී.එස්.සී. ගෞරව උපාධ්යත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වන විද්‍යා එම්.එස්.සී. උපාධියත් ඉන් පසුව බ්‍රිතාන්‍යයේ දකුණු වේල්ස් විශ්ව විද්‍යාලයෙන් පරිසර හා වන විද්‍යා එම්.එස්.සී. උපාධියත් ලැබූවෙකි. ගුරුවරයෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කර අම්පාර හාඩි උසස් කාර්මික ආයතනයේ කථිකාචාර්ය වරයෙකු ලෙසද, පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂකවරයෙකු ලෙසද ඉන්පසුව ආසියානු සංවර්ධන බැංකුව (ADB), ලෝක බැංකුව (WB), එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල (UND), ඔස්ට්‍රේලියානු රජයේ. ආධාර (AUSAID), ඇමරිකානු ආධාර (USAID) යටතේ පරිසර හා වනසම්පත් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලද විවිධ ව්‍යාපෘති ගණනාවකම ජාතික සම්බන්ධිකාරකවරයෙකු, අතිරේක අධ්‍යක්ෂකවරයෙකු, පරිසර හා වන විද්‍යා විශේෂඥයෙකු හා උපදේශකයෙකු, ලෙස වසර 40 කට ආසන්න කාලයක් සේවය කොට ලද අත්දැකීම් මෙම පොත ලිවීමේදී ප්‍රයෝජනයට ගෙන ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.