සැබෑ ලක්දිව
බ්රූක් එලියට් විසින් රචිත මෙම කෘතියේ පළමුවන මුද්‍රණය කරනු ලැබුවේ 1924 දී ය. ඒ මුද්‍රණයේ දී පිටපත් 2,000ක් ප්‍රකාශයට පත් කර ඇත. 1937 දී කළ දෙවන මුද්‍රණයේ දී පිටපත් 5,000ක් ප්‍රකාශයට පත් කරන ලදි. 1938 දී කළ තෙවන මුද්‍රණයේ දී පිටපත් 10,000ක් ප්‍රකාශයට පත් කරන ලදි. මෙම මුද්‍රණ තොරතුරු ආශ්‍රයෙන් පවා මෙකී කෘතිය කෙතරම් නම් පාඨකයන් අතරේ එකල ජනප්‍රිය වී ඇත්දැයි පෙනේ.
මෙම කෘතියේ පරිච්ඡේද දහඅටක් ඇති අතර, මෙරට බොහෝ වැදගත් කාරණා කාරණා එකී පරිච්ඡේද තුළ ආවරණය කරයි. තව ද වෙනත් යටත් විජිත කෘති තුළ සඳහන් නො වන සිද්ධීන් මේ කෘතියේ සඳහන් වේ. ඉන් එක් සුවිශේෂ කාරණාවක් වශයෙන් 15 වන සියවසේ දී ලංකාවේ රජු හා චීන රජු අතර තිබු රාජතාන්ත්‍රික සම්බන්ධතාවය සඳහන් කළ හැකි වේ. මෙයාකාරයට මෙම කෘතිය තුළ පරිසරය, සොබාදහම හා වන සිව්පාවුන්ට අමතර ව ආගම බඳු ආත්මීය ධාරාවන් පිළිබඳ පාඨකයාගේ අවධානය යොමු කරවයි. එබැවින් මෙය අපූර්ව කෘතියකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.