Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / ලංකාව නම් මිණි දිවයින

ලංකාව නම් මිණි දිවයින

About this book

ලංකාවේ අතීත විභූතිය ගැන කියවෙන, බටහිර ජාතීන් අතින් ලංකාව ගැන ලියැවුණු සිය ගණනක් කෘතීන් අතරින් ලංකාව නම් මිණි දිවයින ඉතා සුවිශේෂී පොත් පිංචකි. ලංකාවේ එවක තිබුණු සමාජ ආර්ථික පසුබිම දෙස වෙනත් ඇසකින් සොයා බලන්නට කතුවරයා අපට කදිම ඉඩක් සපයා දෙයි. ඔහු ඒ සඳහා පසුබිම් කැරගෙන තිබෙන්නේ අනාදිමත් කාලයක සිට ලංකාවේ ප්‍රසිද්ධියට හේතු වූ මැණික් කර්මාන්තයයි

ලංකාවේ මැණික්, මැණික් කර්මාන්තය හා වෙළෙඳාම, බටහිර ජාතීන් ඒ ගැන අවධානය යොමු කල ආකාරය යනාදී වශයෙන් වන විවිධ කාරණා යටත් පිරිසෙයින් මීට වසර එකසිය පනහකට එපිට ඇසකින් දුටු අයුරු ලියා තබන්නට මේ කෘතිය හරහා එලී. එල්. මෙෂ් සමත්ව ඇති බව කිව යුතුය.

මැණික් සම්බන්ධ රසායන විද්‍යාත්මක කාරණා පවා මැනැවින් විස්තර කරන්නට සමත්ව ඇති හේ මැණික් හා බැඳුණු ආ ගිය කතා කීපයක්ම එහි එක් කොට ඇත්තේ එය අපූර්ව වූ කතා රසයකින්ද සමබර කරනු පිණිසය.

ISBN
9786245865475
පිටු ගණන (Pages)
107
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලංකාව නම් මිණි දිවයින

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.