සදහට ම මිතුරියෝ 1 - ඔයා නැතුව පාළුයි
ස්ටීවිගේ ලිපිය සීරුවට නැවූ මොලී එය පෙට්ටියේ තැබුවා ය. පියන වැසිමට පෙර ඇගේ දෙනෙතින් ගලා ගිය ලොකු කඳුළු ගුලියක් ලිපිය මත පතිත විය. කෙළ තලියක් ගිල දමා, බොහෝ වේලාවක් යන තුරු පා ඇඟිලි වකුටු කර ගෙන සිටි මොලී මිතුරියන් දෙස බැලුවේ ඉන් අනතුරුව ය.
"මම හැමදා ම නින්දට යන්න කලින් මේ හැම ලියුමක් ම කියවනවා.
ඔයා කැන්සාස්වල ඉඳගෙන එහෙම කරන කොට මම ගෙදර ඉඳගෙන ඔයාට තව තව ලියුම් ලියන්නම්.” මෙග්, මොලීව බදාගත්තේ කඳුළු පිරි දෙනෙතිනි.
“මමත් එහෙම කරනවා” කනට ඇසෙන තරම් හිමිහිට කෙඳිරි ගෑ ලෝරා, ඇඳ සිටි ටී-ෂර්ටයේ වාටියෙන් දෙනෙත් පිස දැමුවා ය.
“ඇයි මමත්?” ස්ටීවිගේ දෙඅත් මොලීගේ බඳවටා තරයේ වෙළිණි. “හැබැයි හැම රෑකම නෙවෙයි.”
මොලී ඔවුන්ව හැරදා යන්නේ කිසියම් මතකයක සේයාවක් ඉතිරි කරමිනි. සිනාසෙමින් එකිනෙකා බදා ගත් මිතුරියෝ රවුමක් ආකාරයට තුරුලු වුහ.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.