සදහට ම මිතුරියෝ 1 - ඔයා නැතුව පාළුයි

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
sadahatama-mithuriyo-1-deirdre-chithra-amarasekara-dayawansha

ස්ටීවිගේ ලිපිය සීරුවට නැවූ මොලී එය පෙට්ටියේ තැබුවා ය. පියන වැසිමට පෙර ඇගේ දෙනෙතින් ගලා ගිය ලොකු කඳුළු ගුලියක් ලිපිය මත පතිත විය. කෙළ තලියක් ගිල දමා, බොහෝ වේලාවක් යන තුරු පා ඇඟිලි වකුටු කර ගෙන සිටි මොලී මිතුරියන් දෙස බැලුවේ ඉන් අනතුරුව ය.

"මම හැමදා ම නින්දට යන්න කලින් මේ හැම ලියුමක් ම කියවනවා.

ඔයා කැන්සාස්වල ඉඳගෙන එහෙම කරන කොට මම ගෙදර ඉඳගෙන ඔයාට තව තව ලියුම් ලියන්නම්.” මෙග්, මොලීව බදාගත්තේ කඳුළු පිරි දෙනෙතිනි.

“මමත් එහෙම කරනවා” කනට ඇසෙන තරම් හිමිහිට කෙඳිරි ගෑ ලෝරා, ඇඳ සිටි ටී-ෂර්ටයේ වාටියෙන් දෙනෙත් පිස දැමුවා ය.

“ඇයි මමත්?” ස්ටීවිගේ දෙඅත් මොලීගේ බඳවටා තරයේ වෙළිණි. “හැබැයි හැම රෑකම නෙවෙයි.”

මොලී ඔවුන්ව හැරදා යන්නේ කිසියම් මතකයක සේයාවක් ඉතිරි කරමිනි. සිනාසෙමින් එකිනෙකා බදා ගත් මිතුරියෝ රවුමක් ආකාරයට තුරුලු වුහ.

Author චිත්‍රා අමරසේකර - Chithra Amarasekara (25)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (612)
More Information
ISBN 9786245711130
පිටු ගණන 95
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සදහට ම මිතුරියෝ 1 - ඔයා නැතුව පාළුයි
Back to Top