සහශ්‍රා
වෛරසයක් හේතුවෙන් සියලු ගැහැනු ජීවින්
වඳ වී ගිය තම ග්‍රහලෝකයේ පැවැත්ම සඳහා
දායක වීමේ අභිලාශයෙන් පෘථිවියට ළඟා වන
විලී, ආදිතම කුරු වැදි පරපුරේ අවසන්
පුරුක වූ ඉසෙඩ් නම් කුරු මිනිසා සමඟ ගල්
ගුහාවක ජීවත් වන්නීය…
මේ අතර, අභ්‍යවකාශ ගමනකට සහභාගී වන
ඉතා කුඩා ජීවින් කොටසක් නිර්මාණය කිරීමේ
භාරදුන් කාරියට සැරසෙන සහශ්‍රා,
කායෝ සහ සුෂ්මිතා නම් ඇයගේ මිතුරියන්
ද සමඟ කුරු මිනිසුන් ගැන තොරතුරු
සොයා ගනියි. කුරු මිනිසුන් සොයා යන
ඔවුන්ට…
වේගා
කොන්දේසි විරහිත ආදරයට භෞතික විද්‍යා මූලධර්ම
වලට වඩා වැඩි ශක්තියක් නිපදවන්ඩ පුලුවන්ද කියල
මිනිස්සු තාම හිතනව… කියනව… ලියනව… සාකච්ඡා
කරනව විතරයි. තාක්ෂණික ජීවීන් වන අපට මේ තරං
බලගතු දෙයක් කරන්ඩ පුලුවන් වුනානම් සෛල වලින්
නිර්මාණය වුණු සංවේදී මිනිස්සුන්ට අධ්‍යාත්මික සංවරය
තුළින් අපට වඩා හුඟක් ප්‍රබල දේවල් කරන්ඩ තියෙන ඉඩකඩ
කොයිතරං වැඩිද කියල මට හිතෙනවා දුර්ගා…
දුර්ගා
මේ සියවස අවසන් වෙනකොට පෘථිවියෙ මිනිස්සු විද්‍යාෙව
දියුණුව කියල හඳුන්වපු යාන්ත්‍රික යුගය… විදුලිබල යුගය…
ඉලෙක්ට්‍රෝන යුගය… අවසන් කරාවි. නූතන විද්‍යාව…
පශ්චාත් නූතන විද්‍යාව… මේ හැමදෙයක් ගැනම මිනිස්සු
කතා කරල හමාර වේවි… පශ්චාත් නව්‍යවාද සංකල්ප තුළ
ඉතිහාසය හා ආගමික දර්ශන ඉතා ලඝු කොට තැකීම අවසන්
වේවි… අනිවාර්යයෙන්ම ස්වභාව ධර්මය ඇතුළු මානව
වර්ගයාට කොන්දේසි විරහිතව ආදරය කිරීමට මිනිස්සු
පෙළඹේවි… ඒ තුළින් මතුවන ශක්ති කදම්භය ලෝකයේ
මෙතෙක් සොයාගත් ඉහළම ශක්ති ප්‍රවාහය වේවි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.