Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වංශ රාජිණී

වංශ රාජිණී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''යක්ෂණී… තී මගේ පිරිස විනාශ කළෙහිද..? එසේ නම් මම දැන්ම තී මරණයට පත් කරමි…''

විජය පොළොවේ යටට එරී තිබුණු අසිපත වේගයෙන් සියතට ගෙන එය කුවණ්ණාගේ ගෙල හරහා තබමින් මහත් හඬින් ගුගුලේය.

''යක්ෂණී…. තී මන්තරකාරියක්.. මායාකාරියක්… ඒත් තිට මගෙන් ගැලවුමක් නැහැ.. වහා මගේ පිරිස දෙව… නැතිනම් මා මේ අසිපතින් තී කීතු කීතු කොට දමා මෙතැන ලේ විලක් කරනවා…''

දරදඬු දෑත් අතරට බොටුව හිරවීම හෙයින්ද… හැඩිදැඩි පුරුෂයා කෙහෙවලියෙන් ඇද ඇගේ හිස ඒ මේ අත පැද්දවීම හෙයින්ද ඈ හට ක්ලාන්ත ගතියක් දැනෙන්ට විය. ඈ කපා හෙළන ලද රඹ තුරක් සේ පොළොව මත ඇද වැටිණ.

''මා මරණයට පත් කරන්නට එපා. .. මා ඔබට යටත් වෙනවා. සත්තයි.. ඔබේ පාදපරිචාරිකාව වෙනවා..''

පිරිමින් ආදරය හමුවේ ඕනෑම දෙයක් කිරීමට නොපැකිළෙන බව ඇදහු කුවණ්ණා සෙමෙන් වචන ගැළපුවාය. මන්ත්‍ර ජප කරනු වෙනුවට ඈ මේ කඩවසම් තරුණයා වෙනුවෙන් තවදුරටත් සුන්දර වදන් ඇහිලුවාය.

ISBN
9789553101969
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වංශ රාජිණී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.