වංශ රාජිණී

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
wansa-rajinee-swarna-kanthi-perera-sarasavi

''යක්ෂණී… තී මගේ පිරිස විනාශ කළෙහිද..? එසේ නම් මම දැන්ම තී මරණයට පත් කරමි…''

විජය පොළොවේ යටට එරී තිබුණු අසිපත වේගයෙන් සියතට ගෙන එය කුවණ්ණාගේ ගෙල හරහා තබමින් මහත් හඬින් ගුගුලේය.

''යක්ෂණී…. තී මන්තරකාරියක්.. මායාකාරියක්… ඒත් තිට මගෙන් ගැලවුමක් නැහැ.. වහා මගේ පිරිස දෙව… නැතිනම් මා මේ අසිපතින් තී කීතු කීතු කොට දමා මෙතැන ලේ විලක් කරනවා…''

දරදඬු දෑත් අතරට බොටුව හිරවීම හෙයින්ද… හැඩිදැඩි පුරුෂයා කෙහෙවලියෙන් ඇද ඇගේ හිස ඒ මේ අත පැද්දවීම හෙයින්ද ඈ හට ක්ලාන්ත ගතියක් දැනෙන්ට විය. ඈ කපා හෙළන ලද රඹ තුරක් සේ පොළොව මත ඇද වැටිණ.

''මා මරණයට පත් කරන්නට එපා. .. මා ඔබට යටත් වෙනවා. සත්තයි.. ඔබේ පාදපරිචාරිකාව වෙනවා..''

පිරිමින් ආදරය හමුවේ ඕනෑම දෙයක් කිරීමට නොපැකිළෙන බව ඇදහු කුවණ්ණා සෙමෙන් වචන ගැළපුවාය. මන්ත්‍ර ජප කරනු වෙනුවට ඈ මේ කඩවසම් තරුණයා වෙනුවෙන් තවදුරටත් සුන්දර වදන් ඇහිලුවාය.

Author ස්වර්ණා කාන්ති පෙරේරා - Swarna Kanthi Perera (6)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553101969
පිටු ගණන 296
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වංශ රාජිණී
Back to Top