හෝපලු කුසුම
About this book
ඉහළ ගස් අතු මලින් බරව පහළට කඩා හැලේ. රොනට ඇදෙන මී මැසි, බඹර සේනා ද නන් පැහැ ගත් සමතලුන් ද ඒ වටා සරති. ඒ නම් එකම රස ගුලාවකි. කුමරු තම සිහින් වස්දඬුව ගෙන පහන් ස්වරයෙන් ඒ හඬවන්නට විය. හෝපලු ගස් දෙකක් අතර වූ දෙබලක් මත හිඳ තමා කොතෙක් වේලා වස්දඬුව වැයුවාදැයි ඔහුට මතකයක් නැත. ඒත් මල් ගුලාව අඳුරු පැහැයෙන් යුත් සළු අඳින්නේ රාත්‍රිය උදාවන බව දැනී හනික ගස් දෙබලින් මෑත් විය.
ඒ අතර එක් හෝපලු ගසක් මැද හුලස්සේ හුන් රුක් දේවතාවියක් කුමරුගේ නෙත ගැටුණි. ඔහුගේ දෑසේ කළු ඉංගිරියා පළල් විය. දෙව්ලිය සෙමෙන් ගසින් පහළට බසී. ඈ යටිකයට ඇඳුම් ඇඳ සිටි අතර උඩුකය නිරාවරණය වී තිබිණ. කලින් දින මහ වීදිය මධ්‍යයේ දුටු දර්ශනය මේ හා සමාන බව කුමරුට සිහි නැඟුණි. දෙව්ලියක මුත් ඈ බියෙන් ත්‍රස්තව වෙවුලන්නට වී, නෙළා ගත් හෝපලු කුසුම් මිටිත් බිමට හළමින් වරදට දඬුවම් පතා වරදකාරියක මෙන් බිමට යොමු කළ දෑසින් යුතුව කුමරු ඉදිරියේ අසරණව සිටියා ය.
Details
ISBN
9786245533206
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review