සමාජයෙ අපි ඔක්කොම සමානයි ?
“පුරවැසියා” යනු කව්ද? " පුරවැසිභාවය" යනු කුමක්ද?
“පුරවැසි අයිතිවාසිකම්" යනු මොනවාද?
සෑම පුරවැසියෙකුටම තිබෙන්නේ එක සමාන අයිතිවාසිකම්ම ද? සමහර පුරවැසියන්ට නැති අයිතිවාසිකම් තවත් පුරවැසියන්ට ලැබෙන්නේ ඇයි? සමහර පුරවැසියන්ට ලැබෙන අයිතිවාසිකම් තවත් පුරවැසියන්ට නොලැබෙන්නේ ඇයි?
පුරවැසි අයිතිවාසිකම් යනු අපට ඉබේ ලැබෙන දේවල් ද? එසේ නැත්නම් ඒවා සමාජ සහ දේශපාලන අරගලවල ප්‍රතිඵලද? සම්පූර්ණ පුරවැසිභාවය හා පුරවැසි අයිතිවාසිකම් ලබා ගැනීමට අසම්පූර්ණ පුරවැසිභාවය හා අයිතිවාසිකම් ඇති ප්‍රජාවන් කළ යුත්තේ කුමක් ද?
මේ ප්‍රශ්න දේශපාලන න්‍යායය සහ භාවිතය සමග කිට්ටුවෙන් බැඳී තිබෙන ඒවාය.
ඒවාට ප්‍රමාණවත් පිළිතුරු ලබා ගැනීම පුරවැසිභාවය හා පුරවැසි අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමේම අරගලයේ කොටසකි.
මේ පොත ඒ සඳහා න්‍යායික සහ සංකල්පමය මගපෙන්වීමක් කරන්නකි. සම්භාව්‍ය සහ නූතන දේශපාලන දර්ශනය සහ න්‍යායද ආශ්‍රයෙන් පුරවැසියා සහ පුරවැසිභාවය යන සංකල්ප ගැඹුරට සාකච්ඡා කරන මේ පොත දේශපාලන විද්‍යාව හදාරණ ශිෂ්‍ය ප්‍රජාවටද, වෘත්තීය දේශපාලනඥයින්ට ද, සක්‍රීය පුරවැසියන් වීමට කැපවී සිටින අප රටේ පුරවැසියන්ටද එකසේ ප්‍රයෝජනවත් වන්නකි.
-ජයදේව උයන්ගොඩ-
කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.