Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඉතිහාසය හා පුරාවිද්‍යාව / සම්බුදු සිරිත හා බෞද්ධ කලාශිල්ප
About this book

සම්බුදු සිරිත හා බෞද්ධ කලාශිල්ප

සිරිසමන් විජේතුංග

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ 1968 වර්ෂයේදී ප්‍රථම උපාධිය ලද සිරිසමන් විජේතුංග මහතා 1971 දී රාජ්‍ය සේවයට බැඳී ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ හා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන නිලධාරියකු ලෙස ද සේවය කළේය. 

1982 දී ඔහු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුණේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රචාරක නිලධාරියකු ලෙසින් සිටියදීය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් වූ, අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රෝලන්ඩ් සිල්වා, ඇම්.එච්. සිරිසෝම සහ ආචාර්ය සිරාන් දැරණියගල යන මහත්වරුන් යටතේද ප්‍රකාශන හා පුස්තකාල අංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කර 2003 වර්ෂයේ දී එම තනතුරෙන් විශ්‍රාම ලැබුවේය. 

ඉන්පසු ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය උපදේශක (2004-2005) ලෙසද, ජාතික උරුමය පිළිබඳ අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම් ලෙසින් (2007-2008) ද සේවය කළ නිලධාරියෙකි. පුරාවිද්‍යා ග්‍රන්ථ රැසක කතුවරයා වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පුරාවිද්‍යා පශ්චාත් අධ්‍යයන ආයතනයේ පුරාවිද්‍යාපති (MSC) උපාධිය (1994) ලබා ඒ පිළිබඳ පර්යේෂණය “ශ්‍රී ලංකාවේ ශිලාලේඛන සන්නිවේදන” නමින් ග්‍රන්ථයක් ලෙස (2007) දී පළ කළේය. සිරිසමන් විජේතුංග මහතා මේ දිනවල භාරතීය ශිලා ලේඛන පිළිබඳ ආචාර්ය උපාධිය පිළිබඳ පර්යේෂණයක යෙදී සිටි. 1997 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය යටතේ ඉන්දු-ලංකා සංස්කෘතික ගිවිසුම අනුව ඉන්දියාවේ තමිල්නාඩු, කේරලය, මහාරාෂ්ට්‍ර, ආන්ද්‍රා ප්‍රදේශ් හා බිහාර් ප්‍රාන්තවල පුරා විද්‍යා අධ්‍යයන චාරිකාවක මාස දෙකක් තිස්සේ යෙදී සිටියේය. ඒ වර්ෂයේම ආන්ද්‍රාප්‍රදේශ්ගේ බිර්ලා පුරාවිද්‍යා පර්යේෂණ ආයතනයේ ආරාධනය පරිදි ඔහු ශ්‍රී ලංකාව හා ආන්ද්‍ර ප්‍රදේශ්ව පැරණි සංස්කෘතික සබඳතා පිළිබඳ දේශනයක් පැවැත්වීමට ද අවස්ථාව ලැබුවේය. 

ඔහු කලක සිට බුදුසරණ පත්‍රයේ ආරාධිත ලේඛකයෙකු ලෙස ශාස්ත්‍රීය ලිපි සැපයීමෙහි යෙදී සිටි. 2016 සිට 2019 තෙක් ඔහු විසින් සතිපතා බුදුසරණ පත්‍රයට ලියන ලද ශාස්ත්‍රීය ලිපි ග්‍රන්ථයට අදාළව යළි සංස්කරණය කරමින් ලියන ලද “සම්බුද්ධ සිරිත හා බෞද්ධ කලා ශිල්ප” තරුණ හා වියපත් පාඨක සැමට ප්‍රයෝජනවත් වනු ඇත. එමෙන්ම මෙම පත්‍රයේ පළවූ දීර්ඝතම ලිපි මාලාව ද මෙය වන්නේය. පාඨක මනස සනසමින් අධ්‍යාත්මික මගෙහි ආලෝකය සලසා ගන්නට මෙම ග්‍රන්ථය උපකාරී වේවායි ප්‍රාර්ථනා කරමි !

ඩී.එස්. සුදුසිංහ

බෞද්ධ පත්‍ර කලා විශාරද

බුදුසරණ පත්‍රයේ හිටපු කර්තෘ සහ

හිටපු කර්තෘ මණ්ඩල උපදේශක

ISBN
9789556863888
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සම්බුදු සිරිත හා බෞද්ධ කලාශිල්ප

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.