සඳ එළිය වහිනවා මේ... - ගේය පද සංග්‍රහය
හදවතේ ඉසියුම් ඉසව් හරි පරිස්සමෙන් පිරිමදින අසංක රුවන් සාගරගෙ ලිවීම් සෞන්දර්යය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසංකේය හැඟුම් සයුරක්. සීරුවට රළ නගාගෙන ඇවිත් හිත් වෙරළේ හැපෙන, පෙරළෙන ඒ වචනවලට පුළුවන් තැවරෙන, දැවටෙන හැමදෙයක්ම ආයෙ ආයෙත් ආදරෙන් අවුළන්න. ඒ වගේම නිවන්න.
අපි එහෙම ඇවිළෙමින්, නිවෙන හැටි දකින අසංකගෙ මුහුණට එකතුවෙන්නෙ පුංචි දරුවෙකුගෙ මුහුණක රැඳෙන අහිංසක, දඟ හිනාවක්. ඒ හිනා කටහඬ එයා ලියන වචනයක් වචනයක් පාසා රැව්දෙනවා. පෙනී-නොපෙනී, දැනී-නොදැනී වචන වියමන් මැදින් සක්මන් කරනවා.
ඒ අතරෙ අනන්ත ආදරයකින් සහ මානව දයාවකින් පිරුණු අසංකගෙ අසංකේය වදන් ලාලිත්‍යය, ලාංකේය ගීත සාහිත්‍යයේ මගහළ නොහැකි පරිච්ඡේදයක් හෙමි හෙමින් නමුත් හරි බරට ලියමින් ඉන්නවා.
-සෞම්‍ය සඳරුවන් ලියනගේ
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.