සඳකඩ වලව්ව
About this book
“බලා ඉඳින් විහෑනු කාලිංග වජ්රසිංහ.. සඳකඩ වලව්වේ ආඩම්බරකාරයාව මගේ කර ගන්න මං නොකරන දෙයක් නෑ. දැක්ක එකම දවසට දැනුණ ආදරේ වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරනවා. ඔව්.. උඹ දැන් තවත් හැඩවැඩ වෙලා. පුදුම කඩවසම් බවක්, ගාම්භීර බවක් තියෙන්නේ. හරියට නිකන් දිස්නේ ගහනවා වගේ. උඹ වගේ මිනිහෙක් කරකාර බැඳ ගන්න මොන ගෑනිද බන් අකමැති. පස්සෙන් යන්න තරම් වටින මිනිහෙක් උඹ. ආදරයේ නාමයෙන් පිරිමියෙක් පස්සෙන් ගියාට ගෑනියෙක් කිසිම විදියකින් බාල වෙන්නේ නෑ. උන්ටත් ආදර හැඟීම් තියෙනවා. පිරිමින්ට පුළුවන් ඕනේ ගෑනියෙක්ගෙන් කැමැත්ත අහන්න. ඒත් ගෑනු ඉන්න ඕනේ උන්ට ගැළපෙන කෙනෙක් කැමැත්ත අහනකම්. ඒත් එහෙම එකෙක් කැමැත්ත ඇහුවේ නැත්තම් උන් තනි වෙනවා. හැබැයි මම උඹ පස්සේ එනවා. මට උඹව ලබා ගන්න තියෙන එකම ක්රමය මේක..”
Details
ISBN
9786246900007
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 3
-
★★★★★ “සඳකඩ වලව්ව” යනු ආදරය, සබඳතා සහ ජීවිතයේ නොසිතූ හැරවුම් වටා ගෙතුණු කුතුහලය දනවන කතාවකි. චරිතවල හැඟීම් සමඟින් පාඨකයාටත් ඒ අත්දැකීම් විඳින්නට හැකි වන සුන්දර කතාවක්.සඳකඩ වලව්ව” කියවන්න පටන් ගත්තවෙලාවේ මේ තරම් මගේ හිතට සමීප වෙයි කියලා මම හිතුවේ නැහැ. කතාව ඉදිරියට යන හැම මොහොතකම මට දැනුණේ මම පොතක් කියවනවාට වඩා ඒ චරිත එක්කම ඒ සිදුවීම් අත්විඳිනවා වගේ හැඟීමක්.
සමහර සිදුවීම් කියවද්දී හිතට සතුටක් දැනුණා. තවත් සමහර තැන්වල හිතට දුකක්, කුතුහලයක් වගේම “ඊළඟට මොකක් වෙයිද?” කියන හැඟීමත් ඇති වුණා. විශේෂයෙන්ම චරිතවල හැඟීම් සහ ඔවුන්ගේ අත්දැකීම් මට ගොඩක් දැනුණා.
පොත කියවලා ඉවර කළාට පස්සෙත් කතාව ගැන හිතන්න හිතුණා. ඒක තමයි මට මේ පොතේ වටිනාම දේ. සමහර පොත් කියවලා ඉවර කළාම කතාව එතනින් ඉවරයි. ඒත් “සඳකඩ වලව්ව” කියවලා ඉවර වුණත් ඒක මගේ හිතෙන් ඉවර වුණේ නැහැ.
ඇත්තටම මට මේ පොත ගැන කියන්න තියෙන්නේ, කියවද්දී දැනුණා... ඉවර කළාට පස්සේ මතක් වුණා… ඒ නිසාම හිතේ රැඳුණා කියලයි...????❤ -
සිහිනයකක අර්තයක් සොයන්න යන ගමනේදි තමන්ගෙ ඉරනම් කාරිය මුණගැහෙන තරුණයෙක්ගෙ කතාවක්. එ වගේම වසර ගණනාවක් තිස්සෙ තමන්ගෙ ඒකපාර්ශවික ආදරවන්තයා එනකන් බලන් ඉන්න තරුණියකගෙ කතාවක්.. භාවනා කරන්න යන කැලයෙ තමන් එනකන් බලන් ඉන්න කාලි නම් කොටිදෙනකගෙ කතාවක්වලව් කතා සම්ප්රදාය වෙනස් කරපු කතාවක් කිව්වොත් හරියටම හරි.මේක සාමාන්ය වලව්වක් වටා ගෙතෙන කතාවක් නෙමෙ ආදරය වෛරය යන්ත්රමන්ත්ර ගුප්ත බලවේග ඔක්කගෙම එකතුවක්.
-
★★★★★ ගුප්ත ශානරය, ආදර කැටි වූප්රේමය නිසා මිනිසුන් වරෙක මිනිස් ජීවීත සමඟ පමණක් නොව, සතා සිවුපාවා, ගහකොළ සහ දෙවියන් පවා අයිති කරගැනීම වෙනුවෙන් පාවිච්චි කරයි.
සීත කඳුකරයේ සුදු පාට රෝසමල් වලින් වටවුණු සුවඳවත් වෙද වලව්වක්. සිහිනයක් පසුපස යන මිතුරක් දෙදෙනෙක් හා ආත්ම සහකරු පැමිණෙන තුරු බලා සිටින තරුණියක්. ඔත්පලව සිටින වලව් මැණිකේ කෙනෙක් එක්ක සුදු පාට කොටියෙකුගේ රහස් කතාව..
Write a review
Write a review