Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සසඳර

සසඳර

ප්‍රකාශක (Publisher): Nohandunanni Publishers
ප්‍රවර්ග (Genre): ආදර නවකතා
About this book

“ඔයාව අයිති කර ගන්න හදන ගෑනු දාහක් එක්ක වුනත් මට රණ්ඩු කර ගන්න පුලුවන්. හැබැයි ඔයා තෝරගත්තු කෙනත් එක්ක නෙවෙයි. ඒ කෙනා ගාවදි මං ජීවිතේ පරාද වෙන්න පුළුවන් දරුණුම විදිහට පරාද වෙනවා..!”

බලාපොරොත්තු කිසිත් නැති හිස් ගැහැනියක් කෙබඳු වේද... මේ දැන් ඇයගේ පෙනුම එබඳුය. ආදරය කළ පිරිමියාගෙ එක ආගන්තුක බැල්මක් ගැහැනුන් කොහොම දරාගන්නද? දැනුණු මිනිහව දන් දීමත් හරියට පපුව ගලවලා හුස්ම ගැනීමක් වැනිය. ජීවිතය හිලව් කර හෝ ආදරය රකින්නට ගැහැනුන් දෙවරක් නොසිතන්නේ එනිසාවෙන්ය. ඉතින් ඇය ආපසු හැරුණේ ඔහු සමගින් තම හිතත් අතහැර දමාය.

එනමුත් අවසන් නැත. ඇය සිර වී ගියේ උණුහුම් පිරිමි ළයක තුරුළටය. බොහෝ දුර ඈත අතීතයේ අවසන් වරට විඳි එම උණුසුම, සුවඳ ඇය යළි විඳිමින් උන්නාය.

“එදත්.. අදත්.. මං පපුවට ලං කර ගන්නේ එකම එක ගෑනියෙක්ව විතරයි..!”

ISBN
9786246596651
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සසඳර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.