“ඔයාව අයිති කර ගන්න හදන ගෑනු දාහක් එක්ක වුනත් මට රණ්ඩු කර ගන්න පුලුවන්. හැබැයි ඔයා තෝරගත්තු කෙනත් එක්ක නෙවෙයි. ඒ කෙනා ගාවදි මං ජීවිතේ පරාද වෙන්න පුළුවන් දරුණුම විදිහට පරාද වෙනවා..!”
බලාපොරොත්තු කිසිත් නැති හිස් ගැහැනියක් කෙබඳු වේද... මේ දැන් ඇයගේ පෙනුම එබඳුය. ආදරය කළ පිරිමියාගෙ එක ආගන්තුක බැල්මක් ගැහැනුන් කොහොම දරාගන්නද? දැනුණු මිනිහව දන් දීමත් හරියට පපුව ගලවලා හුස්ම ගැනීමක් වැනිය. ජීවිතය හිලව් කර හෝ ආදරය රකින්නට ගැහැනුන් දෙවරක් නොසිතන්නේ එනිසාවෙන්ය. ඉතින් ඇය ආපසු හැරුණේ ඔහු සමගින් තම හිතත් අතහැර දමාය.
එනමුත් අවසන් නැත. ඇය සිර වී ගියේ උණුහුම් පිරිමි ළයක තුරුළටය. බොහෝ දුර ඈත අතීතයේ අවසන් වරට විඳි එම උණුසුම, සුවඳ ඇය යළි විඳිමින් උන්නාය.
“එදත්.. අදත්.. මං පපුවට ලං කර ගන්නේ එකම එක ගෑනියෙක්ව විතරයි..!”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.