සඳරුනෙත්
"සුපුරුදු පරිදි වෙරළ අසල වූ අවන්හලේ එළිමහන් බංකුවේ සඳරුත් නෙත්මිණත් වාඩිවුණා.
"නෙත් ඔයා මට කොච්චර ආදරේද?" සඳරු වාඩිවූ විගස නෙත්මිණට තුරුලු වුණා.
"ඔයා වෙනුවෙන් මැරෙන්න තරම් වුණත් ආදරෙයි"
එසේ අසද්දීම සඳරු කියන්නට ආ දේ නැවතත් නවත්වගත්තා.
"මොකද්ද සඳෝ අර කාර් එකේ ඉද්දි කියන්න ඕනේ කිව්වේ?" නෙත්මිණ කල්පනාවෙන් කතා කළා.
"මුකුත් නෑ නෙත්..ඔයා නැතුව හිටපු දවස් කොහොම ගෙවුණද කියලා මට හීනයක් වගේ. මතක් වෙද්දීත් බයයි. කෝ දෙන්න අත බලන්න. දැන් මේක නිසා කාර් රේසින් රැලීස් වලට යන්න වෙන්නෙත් නෑ නේද?" සඳරු නෙත්මිණගේ උරහිස සෙමින් පිරිමදිමින් කතා කළා.
"ඒක නම් ඉතින් එහෙම තමයි ඉතින්. ඒත් මොනදේ වුණත් ඔයාට කිසිම කරදරයක් නොවිච්ච එකයි මට මෙතන වැදගත් සඳෝ..ඒ නිසා මේ ඇක්සිඩන්ට් එක ගැන ඔහොම වොරි වෙන්න එපා"
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.