සඳට රහසින් පෙම් කළා මම - ශ්‍රී ලංකා හයිකු කාව්‍ය සංග්‍රහය

Special Price රු. 320.00 Regular Price රු. 400.00
In stock
SKU
sandata-rahasin-pem-kala-shermila-nanda-grantha-distribution

ශ්‍රී ලංකා හයිකු සංගමයේ සභාපති පාලිත සේනාරත්න කිවිඳුන් මෙහෙයවන අන්තර්ජාල වැඩමුළු අතරට එක්වෙමින් ලොකු පූජිත ජපන් හයිකු කවි ක්‍රමය කැපවිමෙන් හදාරන සමාහිත, නිවුණු, දැමුණු කිවිඳියක් වන ෂර්මිලාගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි මේ.

කළු ගඟබඩ සොඳුරු පියසක ජීවත් වන ඇය උග්‍ර පරිභෝජන ආර්ථික රටාව හැර පියා උණ පඳුරක සෙවනේ හිඳ කළු ගඟ දෙස බලා සිටින්නී ය. ඇතැම් සොඳුරු නිමේෂයන්හි කළු ගඟ ඉහත්තේ සඳ පායා තිබුණි. සෙන් බුදුදහමේ කියවෙන ශූන්‍යතාවට ඇහුම්කන් දීමට ඇය සිය සවන් හෙමිහිට හුරු කරන්නී ය.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ ඇය, පාසල් රැසක සේවයෙන් පසු දැනට කළුතර උග්ගල්බඩ මහා විද්‍යාලයේ ගණිත ගුරුවරියක ලෙස සේවයේ යෙදී සිටින්නී ය.

Author ෂර්මිලා බංදුනී දංවත්ත - Sharmila Banduni Danwaththa (4), නන්දා ගුණරත්න - Nanda Gunarathne (1)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (819)
More Information
ISBN 9786249946804
පිටු ගණන 72
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සඳට රහසින් පෙම් කළා මම - ශ්‍රී ලංකා හයිකු කාව්‍ය සංග්‍රහය
Back to Top