Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / සිතුවමක් නැති සිත්තරා

සිතුවමක් නැති සිත්තරා

ප්‍රකාශක (Publisher): ගුරු ගෙදර - Guru Gedara
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

කවිය යනු පාඨකයාගේ පරිකල්පනය හෝ හැඟීම් උද්දීපනය කරන්නට සමත් සාහිත්‍ය ශානරයක්ය. නැතහොත්, කලාත්මක ලිවීමක්ය. කවියා මෙය කරන්නේ භාෂාවේ අරුත, ශබ්දය සහ රිද්මය පරිස්සමින් තෝරා බේරාගෙන සකස් කිරීමෙන්ය. එතැනදි සමහර කවි බෙහෙවින් ම සරල ය. තවත් සමහර කවි ජීවිතය පිළිබඳ යම් සත්‍යයක් ප්‍රකාශ කිරීමට උත්සාහ දරන්නේය.

ඉතා ළදරු වියේදී ම "මිහිර” පත්තරය හරහා කවියට පිවිසි ෂමිලා තුළ කෙමෙන් කෙමෙන් වැඩුණු කවිය පාසල් අවධියේදී ඔපවත් කරගත්තේ විවිධ ජාතික පුවත්පත් පිටු සරසමින්ය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෝලාන මහා විද්‍යාලයෙන් ගණිත ගුරුවරියක වශයෙන් ඇරඹි ඇගේ ගුරු දිවිය විවිධ ප්‍රදේශවල විවිධ පාසල් පසුකර පැමිණ අවසන නැවතුනේ කළුතර උග්ගල්බඩ මහා විද්‍යාලයෙන්ය.

කවිය පමණක් නොව ළමා කතා, කෙටි කතා සහ ගීත රචනා ඈ ක්ෂේත්‍රවල ද හපන්කම් පානා ඇය ‛සිතුවමක් නැති සිත්තරා’ හරහා වර්තමානයේ සමාජ පන්ති ක්‍රමය තුළ පවතින උස්මිටිකම් සහ විඳින විඳවන මිනිසුන්ගේ ජීවන කතාව අලුත් මානයකින් සහෘද රසිකයාට පිළිගන්වන්නට සමත්කම් පා ඇත්තේය.

ISBN
9786245765140
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිතුවමක් නැති සිත්තරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.