සප්ත සුසුමන් පාරමිතා
"ඉතින් මැණික මට ඇත්ත කියන්න
ඇයි මේ ශිරෝමි ඔයාට එහෙම බනින්නේ?"
"අනේ මම දන්නේ නැහැ තිනෙත්
ඒත් එදා මෙන්න මෙහෙම දෙයක් උනා"
සහන් අදිතිගේ අසනීපයට බෙහෙත්
ගන්න ගිය වෙලේ ඉඳලා සිදුවුණු හැමදේම
විස්තර කරද්දී තිනෙත්ගේ දෑත් අදිතිව
කේන්තියෙන් මිරිකගද්දී අදිති
වේදනාවෙන් තිනෙත් දිහා බැලුවා.
"ඒ නාකියාට යකෝ කොහෙන්ද
එච්චර හයියක්? මේ දරුවෙක්ගේ වයසේ
ඉන්න ඔයාව බඳින්න මේ මිනිහට ඇත්තටම
මොනවද ඕනේ? අනික මේ හදිස්සියේ
ශිරෝමිව දික්කසාද කරලා?
මට දැන් හිතාගන්න පුළුවන් මේ ගෑණි ඔයාගෙන්
තරහ පිරිමහන්නේ මොකද කියලා?
මේ හිටිහැටියේ අවුරුදු විසිපහක් පවුල්
කාපු ගෑණි දික්කසාද කරන්න හදද්දී
මොන ගෑණිත් කලබල වෙනවනේ. එහෙනම් ඒකයි
මේ හැමදේම පැටලිලා තියෙන්නේ"
"එහෙම නෙමෙයි තිනෙත්.. ලොකු සර් මොකක් නමුත්
හිතේ තියාගෙන විඳෙව්වා. ඔයා නොදන්නවා උනාට
තිනෙත් සර් කියන්නේ ශිරෝමි මැඩම් නිසා
ගොඩක් දුක් වින්ද කෙනෙක්"
"බලාගෙන යද්දී ඔයත් ඒ මිනිහව සුද්ධ කරනවනේ"
"අනේ දෙයියනේ ඔය ටික අහගන්නද එතකොට
මට මේ ඇත්ත කියන්න කිව්වේ? "
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.