Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සරුංගල් ලුහුබඳින්නා
About this book

දොළොස් හැවිරිදි අමීර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරඟයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනා ගැනිමයි.තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෛෂි මිතුරා වන හසන් ඔහුට උදව් කිරිමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවෙකු වන හසන් සතුව ඇති නිර්භීතභාවය නිසාත්, ඔහු පිළිබදව සිය පියාගේ සිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ෂ්‍යා කරයි. මේ අතර තරඟය පැවැත්වුණු දිනයේ සැන්දෑවේ හසන්ට මුහුණ දෙන්නට සිදුවන අතිශයින් කටුක අත්දැකීමත් සමඟ ඔවුන් සියලු දෙනාගේම ජීවිත දෙදරා යයි. අමීර් ඔහුගේ මුළු ජීවිතයටම ඔහුට හමුවු හොඳම මිතුරාට ද්‍රෝහි වෙයි. රුසියානු ආක්‍රමණයෙන් පසුව සිය පියා සමග ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකාවට පලා යන අමීර්, වසර විස්සකට පසුව තමාගේ නව ලෝකයෙන් තමාට ලබාගත නොහැකි එකම එක දෙය, විමුක්තිය සොයා යම් දිනයක තමා නැවත සිය මවු රටට යා යුතු බව තේරුම් ගනියි.

'හොසෙයිනි සත්‍ය වශයෙන්ම අතිදක්ෂ කතාකරුවෙකි..... ඔබේ හදවතේ ඇති සියලු තත් පිරිමැද ඊට ගී ගයන්නට සලස්වන්නට ඔහු බිය නොවෙයි.
-ද ටයිම්ස්

"සත්‍ය ලෙසින්ම සත්‍යය කැටි කොටගත් දයාර්ද්‍ර වු කතා පුවතකි. සිය දුර්දෛව වරද නිවැරදි කරගැනීම සඳහා සටන් කරන්නා අමීර් වුවත්, ඔහු කතාවේ වීරයා වූවත්, ඔබේ උගුරේ ගුළියක් සිරවී ඇතිවාක් වැනි හැඟීමක් ඔබ තුළ ඇති කරන්නේ හසන්ගේ නිහඬ, පරිත්‍යාගශිලී ආදරයයි'
-ඩේලි මේල්

මතකයෙන් ඉවත් කළ නොහැකි, අපූර්ව කතාවකි. එය කෙතරම් ප්‍රබලද කියතොත් ඊට බොහෝ කාලයකට පසුවත්, මා කියවු සියල්ල ඇල් මැරුණ කතාන්දර මෙන් පෙනිණි.
-චිලී ජාතික ඉසබෙල් අයියන්දේ

ISBN
9789556523669
පිටු ගණන (Pages)
461
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සරුංගල් ලුහුබඳින්නා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.