කුමාරිහාමි 2
“අයියණ්ඩි… බිය නොවන්න අයියණ්ඩි… මැරෙන්ට මම බය නෑ. මැරෙන හැටි මම පෙන්වන්නම්.”
මද්දුම බණ්ඩාර ඍජු කර ගත් ගතින් යුතුව ඉදිරියට පා නඟන අයුරු කෙමෙන් අඳුරු වන මගේ දෙනෙතට පෙනේ. මගේ ළය පුපුරා යන්නට ළංවන සෙයකි. වහා දිවගොස් ඔහු කැඳවාගෙන මගේ තුරුලේ සඟවාගන්නට මට සිතේ. එහෙත් මගේ අප්‍රාණික දෙපාවලට පියවරකුදු ඉදිරියට නැඟීමට නොහැකිය. බෙහෙවින් පැහැදිලිව තිබූ අහස කෙමෙන් අඳුරු වෙයි. උඩවත්ත කැලය දෙසින් අඳුරු වලාවන් කෙමෙන් කෙමෙන් තල්ලු වී පැමිණ මුළු අහසම අත්පත් කර ගන්නට සැරසෙන සෙයකි. තවත් ස්වල්ප වේලාවකින් අනෝරා වැස්සක් ඇද හැලෙනු නියතය.
මේ වැසි වැටෙන කාලයක් නොවේ. මේ පළ කරන්නේ දෙවියන්ගේ නිහඬ විරෝධයද?
මද්දුම බණ්ඩාර තමා අල්ලා ගන්නට තැත් කළ වධකයින් දෑත් ගසා දැමූවේය. කිසිවෙකුගේ බල කිරීමකින් තොරව ඉදරියට පා නැඟූ ඔහු දංගෙඩිය මත හිස තබන අයුරු යන්තමින් මම දිටිමි. රතුම රතු පාට පසුබිම තද දම්පාටට හැරෙද්දී මගේ දෙපා අප්‍රාණිකව යනු මට දැනිණ. උණුසුම් දියරයක් මගේ මුහුණ මත පතිත වද්දී මා වියරු නොවැටුණා පමණි. ඒ කුමක්දැයි මට හඳුනාගත නොහැකිද දෙවියනි! ඒ සුවඳ වට හඳුනාගත නොහැකිද…? දෙවියනි…? ඒ මගේ රුධිරයෙන් පෝෂණය කළ මගේ ආදරණීය පුතුගේ උණුසුම් රුධිරයෙහි සුවඳ නොවේද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.