තිත්ත මල්

Special Price රු. 891.00 Regular Price රු. 990.00
In stock
SKU
thiththa-mal-priyanka-amarathunga-sarasavi
සමන් පිච්ච මල් සුවඳ දුරට දැනේ. සැඳෑ හිරු රැස්, වන පෙතෙහි වූ තුරු මුදුන් රත් පැහැ ගන්වා ඇත්තේ සිත්තරකුගේ තෙලි තුඩින් ඇඳි සිතුවමක් පරිද්දෙනි. මේතාට තම සැමියා සිහිවිය. තමාත් ස්වස්තිකත් අධ්‍යාපනය ලැබු ජවහර්ලාල් නේරු ෆයින් ආට්ස් විශ්ව විද්‍යාලයේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයකට ස්වස්තික විසින් තම රුව සිතුවමට නගා තිබු අයුරු ඇයට සිහිවිය. මෙවන් බැස යන හිරුගේ රත් පැහැය තැවරුණු තුරු මුදුන්වලින් යුත් වන පෙතක ඵල වැල පැසක් රැගෙන යන තම රුව ඔහු අපූරුවට සිතුවම් කර තිබිණ. ප්‍රදර්ශනය නැරඹු යෙහෙළියන් තමාට විහිලු තහලු කළ ආකාරයත්, බොරු කෝපයක් මවා පෙන්වුවද, තම සිත තුළ උද්දාමයක් ඇතිව තිබු ආකාරයත් මේතාට අද මෙන් මතකය. කපු පිළියෙන් පමණක් සැරසී සිටින ගෙල දක්වා වැඩී ඇති අපූරු කොණ්ඩයකින් යුත් ස්වස්තික පිළිබඳව තම සිත ඇඳී ගියේ ඉන්පසු විය යුතුය. ඔහු ශ්‍රී ලාංකිකයකු බව දැනගත් පසු ඔහු උනන්දු වන්නට තම සිත වඩාත් ප්‍රිය කළේ මන්දැයි ඇයට නොවැටහිණ.
"ස්වස්තික ඇයි අවසරයක් නැතිව මගේ පින්තූරෙ ඇන්දෙ.."
"මම චිත්‍ර ශිල්පියෙක් ඇහැට පේන සූන්දර දෙයක් අඳින්න මට අවසර ගන්න ඔන නෑ.."
"සුන්දර දෙයක් ..? ස්වස්තිකට මාව පේන්නෙ සුන්දර විදිහටද..."
Author ප්‍රියංකා අමරතුංග - Priyanka Amarathunga (24)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553100610
පිටු ගණන 352
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තිත්ත මල්
Back to Top
Related Products