තිත්ත මල්
About this book
සමන් පිච්ච මල් සුවඳ දුරට දැනේ. සැඳෑ හිරු රැස්, වන පෙතෙහි වූ තුරු මුදුන් රත් පැහැ ගන්වා ඇත්තේ සිත්තරකුගේ තෙලි තුඩින් ඇඳි සිතුවමක් පරිද්දෙනි. මේතාට තම සැමියා සිහිවිය. තමාත් ස්වස්තිකත් අධ්‍යාපනය ලැබු ජවහර්ලාල් නේරු ෆයින් ආට්ස් විශ්ව විද්‍යාලයේ පැවති චිත්‍ර ප්‍රදර්ශනයකට ස්වස්තික විසින් තම රුව සිතුවමට නගා තිබු අයුරු ඇයට සිහිවිය. මෙවන් බැස යන හිරුගේ රත් පැහැය තැවරුණු තුරු මුදුන්වලින් යුත් වන පෙතක ඵල වැල පැසක් රැගෙන යන තම රුව ඔහු අපූරුවට සිතුවම් කර තිබිණ. ප්‍රදර්ශනය නැරඹු යෙහෙළියන් තමාට විහිලු තහලු කළ ආකාරයත්, බොරු කෝපයක් මවා පෙන්වුවද, තම සිත තුළ උද්දාමයක් ඇතිව තිබු ආකාරයත් මේතාට අද මෙන් මතකය. කපු පිළියෙන් පමණක් සැරසී සිටින ගෙල දක්වා වැඩී ඇති අපූරු කොණ්ඩයකින් යුත් ස්වස්තික පිළිබඳව තම සිත ඇඳී ගියේ ඉන්පසු විය යුතුය. ඔහු ශ්‍රී ලාංකිකයකු බව දැනගත් පසු ඔහු උනන්දු වන්නට තම සිත වඩාත් ප්‍රිය කළේ මන්දැයි ඇයට නොවැටහිණ.
"ස්වස්තික ඇයි අවසරයක් නැතිව මගේ පින්තූරෙ ඇන්දෙ.."
"මම චිත්‍ර ශිල්පියෙක් ඇහැට පේන සූන්දර දෙයක් අඳින්න මට අවසර ගන්න ඔන නෑ.."
"සුන්දර දෙයක් ..? ස්වස්තිකට මාව පේන්නෙ සුන්දර විදිහටද..."
"ස්වස්තික ඇයි අවසරයක් නැතිව මගේ පින්තූරෙ ඇන්දෙ.."
"මම චිත්‍ර ශිල්පියෙක් ඇහැට පේන සූන්දර දෙයක් අඳින්න මට අවසර ගන්න ඔන නෑ.."
"සුන්දර දෙයක් ..? ස්වස්තිකට මාව පේන්නෙ සුන්දර විදිහටද..."
Details
ISBN
9789553100610
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review