සාතන්ගේ දියණිය

Special Price රු. 1,600.00 Regular Price රු. 2,000.00
In stock
SKU
sathange-diyaniya-jean-nimmi-muditha-mauli-grantha-distribution

ටමාර් පිළිසිඳ ගැනුණේ ගිම්හාන කාලයේ මැද භාගයේ අන්ධකාර රාත්‍රියකදීය. ඇගේ අම්මා දුප්පත් මෙහෙකාර තරුණියකි. දරුවාගේ පියා කවුරුන්දැයි කවුරුන් හෝ ඇගෙන් ඇසුවොත් ඇය කළේ දෙනෙත් බිමට හරවාගෙන ඒ ප්‍රශ්නය මගහරින්නට හැකි හැම උත්සාහයක්ම ගැනීමය. අන්තිමේදී බැරිම තැන ඇය කියන්නේ මේ කතාවය. දරුවාව ඇගේ කුසට ලබා දී ඇත්තේ දරුවාගේ පියාගේ මුහුණවත් නොපෙනෙන අන්ධකාර රාත්‍රියක, බලහත්කාරයෙනි. එහෙත් ඇය ඒ කවුදැයි අඳුනා ගත්තාය. ඒ යක්ෂයාම, සාතන්ම මිස වෙන කිසිවෙකු නොවේ. ඉතින් ටමාර් සාතන්ගේම දියණියයි. ටමාර් අදහාගත නොහැකි තරම් රූමත් බවකින්ද, පුදුමාකාර දඩබ්බර ගතිගුණ වලින්ද යුතුව හැදී වැඩුණාය. ඇයට යක්ෂයාගේ බලය ලැබී තිබිණ. දුටු දුටුවන්ගේ සිත් වසඟ කළ ඇගේ සිත දිනාගන්නට හැකි වූයේ පුරුෂයින් දෙදෙනෙකුට පමණකි. එයින් එක් අයෙකු ඇය මෙන්ම යක්ෂයාට නැඹුරු වූ බාල්ය. අනෙකා දෙවියන් වෙනුවෙන් කැප වූ හියුමිලිටිය. බාර්ට්ස් ඇගේ සිත් ගත්තේ රාගය නිසාය. ඇය හියුමිලිටි වෙත බැදුණේ පවිත්‍රත්වය හේතුවෙනි. සාතන්ව මෙන්ම දෙවියන්වද නොඉවසන දේශයකදී දෙදෙනෙකුට පෙම් බඳින සාතන්ගේ දියණියගේ ඉරණම කුමක් වනු ඇතිද?

 

Author නිම්මි මුදිතා හේරත් - Nimmi Muditha Herath (52), Jean Plaidy (1)
Publisher මෞලි ප්‍රකාශන - Mauli Prakashana (5)
More Information
ISBN 9786249809864
පිටු ගණන 460
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සාතන්ගේ දියණිය
Back to Top