Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Grantha Distribution / සාතන්ගේ දියණිය

සාතන්ගේ දියණිය

ප්‍රකාශක (Publisher): මෞලි ප්‍රකාශන - Mauli Prakashana
About this book

ටමාර් පිළිසිඳ ගැනුණේ ගිම්හාන කාලයේ මැද භාගයේ අන්ධකාර රාත්‍රියකදීය. ඇගේ අම්මා දුප්පත් මෙහෙකාර තරුණියකි. දරුවාගේ පියා කවුරුන්දැයි කවුරුන් හෝ ඇගෙන් ඇසුවොත් ඇය කළේ දෙනෙත් බිමට හරවාගෙන ඒ ප්‍රශ්නය මගහරින්නට හැකි හැම උත්සාහයක්ම ගැනීමය. අන්තිමේදී බැරිම තැන ඇය කියන්නේ මේ කතාවය. දරුවාව ඇගේ කුසට ලබා දී ඇත්තේ දරුවාගේ පියාගේ මුහුණවත් නොපෙනෙන අන්ධකාර රාත්‍රියක, බලහත්කාරයෙනි. එහෙත් ඇය ඒ කවුදැයි අඳුනා ගත්තාය. ඒ යක්ෂයාම, සාතන්ම මිස වෙන කිසිවෙකු නොවේ. ඉතින් ටමාර් සාතන්ගේම දියණියයි. ටමාර් අදහාගත නොහැකි තරම් රූමත් බවකින්ද, පුදුමාකාර දඩබ්බර ගතිගුණ වලින්ද යුතුව හැදී වැඩුණාය. ඇයට යක්ෂයාගේ බලය ලැබී තිබිණ. දුටු දුටුවන්ගේ සිත් වසඟ කළ ඇගේ සිත දිනාගන්නට හැකි වූයේ පුරුෂයින් දෙදෙනෙකුට පමණකි. එයින් එක් අයෙකු ඇය මෙන්ම යක්ෂයාට නැඹුරු වූ බාල්ය. අනෙකා දෙවියන් වෙනුවෙන් කැප වූ හියුමිලිටිය. බාර්ට්ස් ඇගේ සිත් ගත්තේ රාගය නිසාය. ඇය හියුමිලිටි වෙත බැදුණේ පවිත්‍රත්වය හේතුවෙනි. සාතන්ව මෙන්ම දෙවියන්වද නොඉවසන දේශයකදී දෙදෙනෙකුට පෙම් බඳින සාතන්ගේ දියණියගේ ඉරණම කුමක් වනු ඇතිද?

 

ISBN
9786249809864
පිටු ගණන (Pages)
460
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සාතන්ගේ දියණිය
This book සාතන්ගේ දියණිය නිම්මි මුදිතා හේරත්
රු. 1,800.00 රු. 2,000.00
XOXO එන්න වැලඳගෙන සිපගන්න රශ්මික මණ්ඩාවල
රු. 1,755.00 රු. 1,950.00
සඳහස ඉසුරු හිදැල්ල ආරච්චි
රු. 1,760.00 රු. 2,200.00
3 books selected
රු. 5,315.00 රු. 6,150.00
Save රු. 835.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සාතන්ගේ දියණිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.