Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සත්‍ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 2 කොටස

සත්‍ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 2 කොටස

About this book

                        සත්‍ය ගවේෂක පුරාවෘත්තය

තෙවැනි ඕඩ්න් පෙට්ටිය සොයාගැනීමේ අභිලාෂයෙන්
බටහිර දේශයේ සිට මධ්‍යම දේශයට සංක්‍රමණය වන සත්‍ය ගවේෂකටත්, මව් විමංසිකාවටත්,
මහා මායාකරුටත් මුහුණපෑමට සිදුවූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය.

රිචර්ඩ්, සියලු ගැටලු විසඳාගත යුතුය.
ඔහු එයට අසමත් වන්නේ නම්, උරුමය බවට පත්වන්නේ මරණයම පමණි. එය හුදෙක් ගවේෂකගේ මරණය පමණක් නොව, ජීවී ලෝකයේද අවසානය වන බවට සැක නැත. ඉදින් සත්‍යයේ අසිපත සුරත දරාගත් තැනැත්තා,
සැකිලි ගැහැනිය ඇඩීගේ ප්‍රහේලිකාවලට විසඳුම් සොයාගැනීමට සමත් වේද?

සෙවණැලි ජීවීන් මරණයද රැගෙන පසුපසින් පැමිණෙන විට,
රාල්ගේ බළගණයන් හා යළි යළිත් ගැටෙමින්,
ඕඩ්න් පෙට්ටිය තිඛෙන්නේ කොතැනදැයි සොයාගැනීමට ඔහුට හැකි වනු ඇතිද?
ශෝටාගේ මායාකාරී බලවේග අබියස
කේලන් විමංසිකාව මුහුණදුන් ඛේදනීය ඉරණම කරණකොටගෙන
රිචර්ඩ් සයිපර් ඉදිරියට යා යුත්තේ හුදෙකලාවමද?

රිචර්ඩ් සයිපර්, කේලන් ඇම්නෙල්, ගෙඩිකස් ශූ’ල් ශොරැන්ඩර්, හිතවත් මිතුරා චේස්ද සමඟින් ලෝකය බේරාගැනීමේ අභිලාෂයෙන් වීරත්වයෙන්ද, ත්‍රාසයෙන්ද, කුතුහලයෙන්ද, උද්වේගයෙන්ද පරිපූර්ණ වූ ඉතා දීර්ඝ සංචාරයකට අවතීර්ණ වූහ.

ISBN
9786245579983
පිටු ගණන (Pages)
476
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සත්‍ය ගවේෂක - මායාකරුගේ පළමු රීතිය - 2 කොටස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.