Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඓතිහාසික / සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය

සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය

About this book

ප්‍රගතියේ නොවැළැක්විය හැකි ඉදිරි ගමන නිසා ලංකාවේ දේශීය සංස්කෘතියේ අංගෝපාංග රැසක් ම අභාවයට ගොස් ඇත. වැඩි කල් යා නො දී ම දැනට ඉතිරි වී ඇති අංග ද අතුරුදහන් වී යනු නොඅනුමාන ය. එහෙයින් සිංහල සංස්කෘතියේ අවසාන යුගයේ දී විද්‍යමාන වූ සංස්කෘතික රටාව හා එහි පදනම පිළිබඳ ව ලංකා විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ අධිපති රැල්ෆ් පීර්ස් මහතා ඉදිරිපත් කරන විස්තරය අතිශයින් ම කාලෝචිත ය. රැල්ෆ් පීරිස් මහතා ගේ අධ්‍යයනයේ ප්‍රතිඵලය වශයෙන් බිහි වී ඇති මාහැඟි ග්‍රන්ථය, සමාජ විද්‍යාඥයකු විසින් ලියනු ලැබ ඇති නමුදු එය මූලික වශයෙන් ඓතිහාසික කෘතියකි.

‛කදිමට සකස් කර ඇති මේ ග්‍රන්ථය, තොරතුරු ලබාගත් මුලාශ්‍රයයන් ද සවිස්තරාත්මක ව දක්වයි. කරුණු ඉතා ව්‍යක්ත අන්දමින් හා ක්‍රමානුකූල ව ඉදිරිපත් කර ඇත. එහෙයින්, ශාස්ත්‍රීය සංකල්පනා ගැබ් වුණ ද මෙය ඉතා ආසාවෙන් කියවිය හැකි ග්‍රන්ථයකි. රාජ්‍යත්වය, නීති ක්‍රමය හා සමාජ ස්තරායණය යනාදි කරුණු ගැන සාකච්ඡා කරන විට ඒ විෂයයන් පිළිබඳ ව අපරදිග විද්‍යාර්ථීන් ඉදිරිපත් කර ඇති අලුත් ම මත ගැන ද කර්තෘ සලකා බලන අතර ම එකී මත අනුසාරයෙන් තම කරුණු විග්‍රහ කරයි. ....

'ග්‍රන්ථයේ මුල් කොටස් හයෙන් ‛ආණ්ඩු ක්‍රමය', 'ගම', ‛ආදායම හා රාජකාරිය', ‛නීති ක්‍රමය', 'සමාජ ස්තරායණය’ සහ ‛ඥාතිත්වය හා විවාහය’ යන විෂය විස්තර කෙරේ. 'හුදෙකලා පෙදෙසක්’ යන මැයෙන් වූ සත් වන හා අවසාන කොටසින් නුවරකලාවිය පළාතේ වැසියන් ගේ ජීවන ක්‍රමය විස්තර වෙයි. නවතාව හා කියැවීමේ රුචිය අතින් බලන විට මේ කොටස සෙසු සියලු ම කොටස් පරදවයි. 'මෙවැනි අගනා කෘතියක් ඉදිරිපත් කිරීම ගැන කර්තෘ අප ගේ පැසසුමට ලක් වෙයි.’

- මහාචාර්ය සෙනරත් පරණවිතාන - 

ISBN
9789550955695
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිංහල සමාජ සංවිධානය - මහනුවර යුගය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.