සීනි මුරුක්කු
කවියෙන් ගීතමය ලිවිල්ලත්, ඉක්බිති දෘශ්ය රූප මැවිල්ලත් දක්වා දුර දිගැදී ගිය කසුන් මහේන්ද්ර හීනටිගලගේ නිර්මාණාත්මක මුරණ්ඩුකම සහ බහුප්රතිභාව "සීනි මුරුක්කු" සමග වෙනත් ස්වරූපයකින් අපට අභිමුඛ වී තිබේ. ප්රබන්ධ සාහිත්ය වපසරියේ කෙටිකතාව යනු කෙටියෙන් කතා කීම නොවේ. වෙනත් ඉගැඹුරු ඉසියුම් සාහිත්යය අඩංගුවකින් යුක්තව සහෘදගතවන්නට ඊට හැකිවන්නේ එනයිනි. දුම් පිටවනු පිණිස සදා නිම කළ අකාරුණික දුම්බටයකින් උපක්රමිකව රිංගා ඇතුළුවන තිගැස්සනසුලු මල් සුවඳක් සේ කෙටිකතාව අපට දැනෙන්නේ මෙකී සාහිත්යය අඩංගුව හන්දා ය.
ගැඹුරු කෙටිකතාකරුවෙක් නම් තමන් දෛනිකව අත්විඳින සමාජ ජීවිතය අපසාරී මෙන් ම වියුක්ත වීමට සමාන්තරව, ස්වකීය අභ්යන්තර ජීවිතය විසින් ගොඩනැගෙන ආත්මීයත්වය හරහා අභිසාරී මෙන් ම සංයුක්ත ජීවන යථාර්ථයන් වෙත පර්යාලෝකය එල්ල කරලන්නට නිර්මාණාත්මක ශ්රමය වැගිරිය යුතු ය.
එය ප්රතිභාව පිළිබඳ කාරණාවක් නොවේ. එමෙන්ම එය කතිකාව පිළිබඳ කාරණාවක් ද නොවේ. එ මෙන් ම එය හුදු භාෂා ගොඩනැංවීමක් ද නො වන්නේ ය. එය ජීවිතය පිළිබඳ කාරණයකි. නිර්මාණකරුවෙක් නම් අතිශය පළල් ගැඹුරු ජීවිතයක් අත්විඳිය යුතු ය. මේ ලියන්නා එබන්දෙක් ය.
"සීනි මුරුක්කු" ඇතුළු විසි වැදෑරුම් ගොඩනැඟීම් හරහා මේ කෙටිකතාකාර හිතුක්කාර තරුණයා සහෘදයන්ට අභිමුඛ වන්නේ තමන් සතු භෞතික හා ආධ්යාත්මික ජීවිතයේ දිග පළල අවධාරණය කරමින් ය!
මංජුල වෙඩිවර්ධන
2024 ගිම්හානය අග
ජිනීවා, ස්විට්සර්ලන්තය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.