Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඓතිහාසික / සිරිලක ස්තූප පුරාණය

සිරිලක ස්තූප පුරාණය

About this book

සිරිලක ස්තූප පුරාණය නම් ගවේෂණාත්මක කෘතිය ශ්‍රී ලාංකේය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා සරසවි විද්‍යාර්ථින්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය සඳහා රචිත ගුණාත්ම කරුණුවලින් අනූන කෘතියකි.

මෙම ග්‍රන්ථයේ කතුවරයා වන සුමිත් රණසිංහ මහතා වෘත්තියෙන් පුරාවිද්‍යාඥයෙකි. විෂයානුබද්ධ කෘති රචනා කිරීමට සුදුසුකම ඇති ප්‍රාමාණික විද්වතෙකි.

මීට පෙරද සුමිත් රණසිංහ මහතා අතින් ලියැවුණු ග්‍රන්ථ ගණනාවකි. ඒ අතර කතරගම දේවාලය ආශ්‍රිතව ලියන ලද, ''කතරගම් පුවත'' නම් ග්‍රන්ථය විශිෂ්ට ශාස්ත්‍රීය කෘතියකි. සුමිත් මහතා අතින් රචනා වන කෘති අගනා, වටිනා ශාස්ත්‍රීය කරුණුවලින් පෝෂණය වන ග්‍රන්ථ වේ.

සුමිත් මහතා කලක සිට මා දන්නා හඳුනන මහත්මයෙකි. ශාසනයට හා ගරුතර මහා සඟරුවනට ලැදි භක්තිවන්තයෙකි.

කරණීය මෙත්ත සුත්‍රයේ අවධාරණය කරන ''සක්කෝ, උජූච'' කියන මිනිසකු තුළ තිබිය යුතු දක්ෂකම හා සෘජු බව යන ගුණාංගවලින් හෙබි, අව්‍යාජ සරල ගුණවලින් සැදි ශ්‍රී ලාංකිකයෙකි.  තමන්ට පැවරෙන කාර්යය ඉතාම මැනවින් ඉටුකරන නායකත්ව ලක්ෂණවලින් හෙබි, දුරදක්නා ගති පැවතුම් ඇති මඟ පෙන්වන්නෙකි. ශාස්ත්‍රීය වේදිකාවේ කථිකයෙකි. හරබර කෘති රචනාවලට දක්ෂයෙකි. එතුමාගේ අනාගත ශාස්ත්‍රීය ජීවිතයට සුබ පතමි.

සද්ධර්ම කීර්ති ශ්‍රී, ශාස්ත්‍රපති,

කපුගම සරණතිස්ස නායක ස්ථවිර 

කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති,

රුහුණු මාගම්පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක

ISBN
9786242010458
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිරිලක ස්තූප පුරාණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.