Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සොල්දාදුවාගේ පුනරාගමනය

සොල්දාදුවාගේ පුනරාගමනය

About this book

දීප්ති මංගලා රාජපක්ෂ - ජපානයට එරෙහිව බුරුමයේදී පැවැති යුද්ධයේ මිත්‍ර හමුදා පාක්ෂිකයෙකුව සේවය කළ සෑම් රිචඩ්සන් වර්ෂ 1946 දී පෙරළා සිය රට පැමිණෙයි. එහෙත් යුද්ධය අවසන්ව ක්‍රම්බියාවේ විග්ටන් කරා සැබවින්ම ආපසු ආවේ පිටත්ව ගිය ඔහුම නොවේ. යුද්ධය විසින් ඔහුව වෙනස්ම මිනිසකු කොට තිබුණි. ඔහුගේ සිතුම් පැතූම් වෙනස් වී තිබූ අතර යුද්ධය විසින් ඉතිරි කරනු ලැබූ අති දරුණු මතක සටහන් ඔහුගේ සාමාන්‍ය දිවිපෙවෙත අවුල් කොට තිබිණි. හය හැවිරිදි තම එකම පුත්‍රයා ද, තරමක නිදහස් දිවිපෙවෙතකට හුරු වීසිටි සිය බිරිඳ ද, සමඟ යළිත් හවුල් දිවිය ඇරඹීමට නොහැකිව සිතින් දැවැන්ත මෙහෙයුමක යෙදෙන ඔහු තමා තුළ පැන නගින ඊර්ෂ්‍යාව, හුදකලාව, හා චිත්ත පීඩාව සමඟ අරගලයක යෙදෙයි. ආපසු පැමිණි මේ සෙබළාගේ ජීවිතය කෙමෙන් සමාජ සම්බන්‍ධතා ගොඩනඟා ගන්නා අයුරු මේ කතා පුවත තුළින් දිග හැරේ…

බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයකු සහ රූපවාහිනී හා ගුවන් විදුලි ශිල්පියකු ද වූ මෙල්වින් බ්‍රෑග් ගේ හොඳම නිර්මාණය ලෙස සැලකෙන The Soldier's Return කෘතිය, 2000 – W.H. Smith සාහිත්‍ය සම්මානය දිනූ නවකතාව යි.

Details
ISBN
9789556562804
පිටු ගණන (Pages)
388
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සොල්දාදුවාගේ පුනරාගමනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.