සුදු සැරසිලි සීරුවෙන් - කෙටි කතා සංග්‍රහය
"ඔය දකුණු පැත්තෙ බොරලු පාරට හරවල වාහනේ නවත්තනවා කෝප්‍රල්.”
නිලධාරියා නැවතත් ගෙරෙව්වේ ය.
වාහනයකට යාමට තරම් සුදුසු නොවූ මගකට හරවා රථය නතර විය. එයින් පිට පැමිණියේ උරහිස මත තරු පැලඳූ නිලධාරියා පමණකි. “තමුසෙලා කිසි කෙනෙක් එන්න ඕන නෑ. මම තනියම ගිහින් එන්නම්.”
දීර්ඝ සුසුමක් හෙළා ඔහු මාර්ගය දිගේ ගමන ආරම්භ කළේ ය.
ගම්මානයේ පුරුදු සුවඳ නාස්පුඩු අතරින් දැනෙන්නට වුවද පෙනුමින් නම් එදාට වඩා වෙනස්කම් සිදු වී ඇතැයි ඔහුට එක් මොහොතක සිතිණි. කාරණා කීපයක් හේතුවෙන් එහි සිරිය විඳීමටවත් මඳකට නොනැවතුණ නිලධාරියා පා ගමනින්ම ගොස් නැවතුනේ උණ ලී හරස් කරන ලද කඩුල්ලක් ළඟ ය. ඔහු ඊට නුදුරෙන් වත්ත ඇතුළට වන්නට තිබූ වරිච්චි බිත්ති සහිත කුඩා නිවස දෙස දෑස දල්වා මඳ වේලාවක් බලා සිටියේ එහි යනවාද නැතිනම් ආපසු හැරෙනවාද යන්න තීරණය කර ගැනීමට නොහැකි වූ බැවිනි. දිරා ගිය කඩුල්ලේ උණ ලීයක් ඇද වත්තට ඇතුල් වීමට යාමේදි ඔහුගේ අත අසලින්ම උණ ලීය කැඩී ගියේ එකවරම එය කඩුල්ලට පටලා තිබූ කාදුවෙන් පැන බිම පතිත වීම නිසාය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.