ශ්වේත මේඝය
''න්‍යෂ්ටික අවි අපට නැතුව නෙවේ. අපිට ගහනව නම් අපිත් ගහනවා. නමුත් මෙතන මොකක් හෝ අවුලක් නියනවා. හරිනම් මේ වෙනකොට ප්‍රහාරය එල්ලවුන වග කියන ප්‍රවෘත්තිය ලැබිල තියෙන්න ඕන. එකයි රුසියාවේ ක්‍රමය." යරොස්ලව් වෙතින් ආවේගශීලී වදන් ගලා ආවේ නිරායාසයෙනි.
''හැබෑට....? ඔය ක්‍රිමියාව, සිරියාව වගේ රටවල් ගැන කතා කරනකොටන් රුසියාවෙ නම කියවෙනව මට ඇහිලා තියෙනවා. මම හිතන්නෙ ඒ රටවල්...." ජේන් වෙත වාක්‍ය අවසන් කිරීමට චිංග් ඉඩ නොදුනි.
''දැන් ඔය කතා වැඩක් නෑ අපි දැනට තියෙන තත්වය ගැන අවධානය දෙමු." චිංග් විසින් ක්ෂනිකව මාතෘකාව වෙනස් කිරීමට උත්සහා කළේය.
''අහ් ..එක හොඳයි. හැබැයි මට වන දෙයක් අමතක වුනා. චීනයත් ඇමරිකානු විරෝධී කඳවුරේ නිසා රුසියාව වෙනුවෙන් ඕනෑම වෙලාවක පෙනීසිටිමට නොපැකිලෙන බව මට දැනුයි මතක් වුනේ. " ජේන් සියුම් ලෙස ඇනුම්පදයක් චිංග් වෙතට එල්ල කළාය. නමුත් එම ඇනුම්පදය හමුවේ සිත් රිදවාගැනීමට චිංග් වෙත උවමනාවක් නොවීය.
''ඔයාලගෙ අකැමැත්තක් නැති නම් මම තව එක ප්‍රශ්නයක් අහන්නද?" සෑහෙන වේලාවක් නිහඬව සිටි ඇමෙන්ඩා කල්පනා ලොවෙන් පියවි ලොවට පැමිණ ඇති බව අන් අයට සැල කිරීමට මෙන් ඇසුවාය. ඕනම දෙයක් අහන්න. එකට කිසිම බාධාවක් නෑ අම්මා.”
" ඔය ඇල්ෆා ටී මේ වගේ යුද්ධයකින් මොනවද බලාපොරොත්තු වෙන්නෙ?”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.