Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුරඟන කුමරිය

සුරඟන කුමරිය

About this book

සාහිත්‍යකරුවා ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ "ජනතාව" නමැති වායුවයි. ඔහුට මිනිස් හදවත් තුළ ලැගුම් ගත හැකිය. රුහිරු සමඟ ඔවුන්ගේ ජීවින ගමන පුරාම සංසරණය කළ හැකිය. හද ගැස්ම අඳුනාගත හැකිය. අනුන්ගේ වියෝව තමන්ගේ වියෝවක් ලෙසින්ම සලකා ඔවුන් සමඟ එකට කඳුළු සැළිය හැකිය. යථාර්ථය විනිවිද දකිමින් ඔවුන් සමඟ එකට ගමන් කළ හැකිය. සිංහල සාහිත්‍ය මං පෙත එළි පෙහෙළි කරමින්, අප ජන සමාජයට නවකතා රාශියකින් සංග්‍රහ කර ඇති සමන් මහානාම දිසානායක නමැති සුන්දර සාහිත්‍යකරුවා මා දකින්නේ එලෙසය

සිඩ්නි පුරවරයේ සාහිත්‍යකරණයේ යෙදෙන අතලොස්සක් අතුරින් සමන් මහානාම මුල් පෙළේ ලේඛකයෙකු ලෙස අප සමඟ ජීවත් වෙයි. පාඨකයා වෙහෙසෙට පත් නොකරමින්, රම්‍ය වූත්, සුගම වූත් නිර්මාණ චාරිකාවක යෙදෙන ඔහු අව්‍යාජ ලේඛකයෙකි. මනුෂ්‍ය දිවියේ අපරිමාණ වූ අනේක විධ පැතිකඩයන් තම නිර්මාණකරණයට සියුම්ව අසු කරගන්නා සමන්, 'සුරඟන කුමරිය' තුළින් අපට කියා පාන්නේ සුරංගනා කතාවක් නොවේ.

සියලු බාධක දුක්ඛ දෝමනස්සයන් මැද ජීවිතය ජය ගන්නට උත්සාහ දරන, තේලණී ගුණස්කර නම් රූමත් යෞවනිය වටා ගෙතුන "සුරඟන කුමරිය" කතාව මේ සමාජයේ අතීතයේදී හෝ අනාගතයේදී හෝ ඔබේත් මගේත් කතාව විය හැකිය.

ලක්ෂ්මන් කොඩිතුවක්කු
'පහන'
ඕස්ට්‍රේලියාව

ISBN
9789555517003
පිටු ගණන (Pages)
246
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුරඟන කුමරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.