සුවඳ මතක
"අපේ ගම නිල් පාටයි! නෑ. කොළ පාටයි. කොළ නිලක් තියෙන්නේ. ඒත් ඒ කාලෙකට විතරයි.
මේ දවස් වල ගොයම් කපලා ඉවරයි. නිලට තිබ්බ ගොයම දැන් ඉපනැලි වෙලා කහ පාටයි. ළමයි හැමෝටම සරුංගල් යවන්න, එල්ලේ ගහන්න. ඒ සේරටම කුඹුරු යායම නිදහස් වෙලා.
ඉස්කෝලේ නිවාඩු ලැබුණු දවසේ නිදහසේ සරුංගල් අරින්න පුළුවන්. සීයගෙ නම් ඒ හැටි මනාපයක් තිබුණේ නැහැ මම තනියෙන් ගෙදරින් හවස් වරුවේ කුඹුරු පැත්තට යනවට.
ඒ වුණත් සෙල්ලම් කරන්න නොයා ඉන්න බෑ.
පුංචි නම් ආවේ නෑ සරුංගල් යවන්න. එහෙම කියලා මට නිකං ඉන්න බෑනේ.
ළමයි කණ්ඩායමත් එක්ක එකතු වෙලා මමත් සරුංගල් යවන්න
බන්ට් එක උඩට දුවන්නේ මහ නියරෙ වැටී වැටී.
ටික දුරක් සරුංගලේ අරගෙන දුවලා ඊට පස්සෙ හෙමිහිට හෙමිහිට උඩ
යන්න දීලා නූල නිදහස් කරන්නත් හොඳ ඉවසීමක් වගේම පුරුද්දක් තියෙන්නත් ඔනේ."
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.